Tuesday, August 18, 2009

මාඕ සේතුං 1930


විඥානවාදයත් පාරභෞතිකවාදයත් ලෝකයේ ඉතාම පහසුදේය. කවර හෙයිනද යත් විෂයමූල සත්තාවේ පදනම මත නොතබාම, නැතහොත් සත්තාව මගින් උරගා බැලීමක් නොකොටම, තමන් කැමති තරම් වල්පල් කථාකරන්නට මිනිසුන්ට පුළුවන් නිසාය. අනෙක් අතට ද්‍රව්‍යවාදයත් අපෝහකවාදයත් සඳහා පරිශ‍්‍රමය අවශ්‍යය. ඒවා විෂයමූල සත්තාවේ පදනම මත තිබිය යුතුය. විෂය මූල සත්තාව මගින් උරගා බැලිය යුතුය. අයෙක් මේ පරිශ‍්‍රමය දරන්නේ නැත්නම් ඔහු විඥානවාදයට සහ පාරභෞතිකවාදයට ලිස්සා වැටෙන්නට ඉඩ තිබේ.

ගරැ මාඕ සේතුං මේ කියලා තියෙනදේ මගේ භාෂාවෙන් නොකියුවොත් මා කරන්නේ මට ලොකු වරදක්..

  • උපන් දා සිට හැම එකාම දන්නවා ලෝකේ සිද්දවෙන්නේ මොකක්ද අපේ රටේ සිද්දවෙන්නේ මොකක්ද කියලා .
  • ඒකට හේතුව ලෝකය හා අපේ රට පලනය කරන මහ එකාලා කියලත් හොදින් දන්නවා.

හැබැයි.......

කොහේ හෝ මලදානයක් උනොත් ඒකට ලගින්ම අල්ලගන්න පුළුවන් එකා අල්ගෙන (පොලිස් කාරයෙක්, දොස්තරයෙක්, ඩයිවර් කෙනෙක් හෝ වෙනයම් මොකෙක් හෝ) හොදට නෙලනවා. පත්තර ලියන උනුත් අන්තර්ජාලයේ ලාබෙට ලියන උනුත් ඇදල දානවා හරියට ලග හිටියා වගේ. ඒ විතරක් නොවෙයි. කරන්න ඕනදේත් කියනවා.

මාර ලේසිනේ. ( නිසි දඩුවම් දෙනු. වහා මාරැ කරනු. තහනම් කරනු.)

හැබැයි...

මා ඉහත සරලව කී කාරනා දෙක එකට එකක් ගලප්පන්න හරිම බයයි. බය නැති උනත් ගැලැප්පුවොත් ඒකෙන් කාට හරි වාසියක් වෙන නිසා කුහකයි.

ඔන්න ඕකයි ඇත්ත මල්ලී

මේක මාඕ සේතුං කීවේ 1930දී

බුදු හාමුදුරැවෝ කියලා අවුරැදු 2500කට වැඩී..

කීවේ චතුරාර්ය සත්‍යය ධර්මයෙනි.

චතුරාර්ය සත්‍යය මා විග්‍රහ කිරීම චතුරාර්ය සත්‍යයට හොද නැත.

Monday, August 17, 2009

අනෝමා ආවා


හරියටම අවුරැදු 07කට පස්සේ අනෝමා ලංකාවට ආවා. ඊයේ මාව බලන්නත් අවා වෙනදා වගේම ලස්සනයි. එදාටත් වඩා නිහතමානී වෙලා කියලා හිතෙනවා. ගතිගුණ වෙනස් වෙලත් නෑ.
නමුත් පරන තිබුන ගුප්ත බව තාමත් තියෙනවා.
ගෑනු කවුරැ උනත් ගුප්තයි. ඒත් අනෝමාගේ ගුප්ත බව පේනවා ඒක තමා ගෑනියෙකුට නරකම දේ. කොහොම උනත් ගෑනියෙක් ආරක්ෂ්‍යා කරන්න. පිරිමියෙකුට ලොකු උවමනාවක් තියෙන්න ඕන. ඒ උවමනාවට සරිලන පවුර්ෂවයක් තියෙන්නත් ඕන. ගෑනු පිස්සු කෙලින එක ජීව විද්‍යාත්මකයි. ඒක තේරැම් අරගෙන කටයුතු කරන එක පිරිමින්ගේ වගකීමක් කියලා හිතනවා.
මේ කොටස ලියන්නේ දෝනිට විතරක්ම කියවන්න. (ගී රස විනිසෙන් උපුටා ගත්තා)
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම හැඳ
ඇවිත්හිඳින් දඟකාරියේ
එදා වාගේ අදත්
සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්දෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළං වෙන්න
සොඳුරු දඟකාරියේ.....

Saturday, August 15, 2009

පරාක්‍රම සමුද්‍රය බාගෙට හිදිලා



පැරකුම් සමුදුර බාගෙටත් වඩා හිදිලා. ලියන අයට කියන අයට බුරන අයට, ඕනනම් කියන්න පුළුවන් අඩන්න පුළුවන්, බුරන්න පුළුවන් ඇවිල්ලා බලන්න. ඕනමනම් සපාරියක් යන්නත් පුළුවන්.... (ජායා රෑපය රලපනාවේ සිට ගන්නා ලදී)

අනර්කලීට දෙනවා


මේ දැරිවිටත් දෙන්න කියනව කියලා සරිපාල කියනවා අහගෙන. ගේන්නකෝ.. අම්මා.... දෙන්න තියෙනවනම් දෙන්නම්.
හැමෝම දෙන්න හොදේ.

බොලොග් අඩවි.

සමහර බොලොග් අඩවි වල ලියලා තියෙන ජාති දැක්කාම කීං ගැවෙනවා ලිව්වා ලිවිල්ලක් ඇට්ටි හැලෙන්න.
එහෙන් පොලීසිය මිනීමරනවා, වැස්ස නෑ, අන්ඩුව ඩෙගා නටනවා, සල්ලි නැ චෙක් රිටන්, තව මුනුත් එනවා අප්‍රබ්බ්‍රන්ස කියවන්න. තදවෙන්නැද්ද මල්ලි.

පොලීසියට ගහලලු නේද 13


13 නරක දවසක් කියනවනේ, අගුලාන ජනතාව පොලිසියට ගහපු එකේ, පොලිසියේ අයිතිකාරය වන ආන්ඩුවටත් දැන් අපලයි වගේ මට දැනේනේ. අනේනේනේනේ මහරජානෙනීනීනීනීනී.
"ධම්මා හවේ රඣති ධම්මචාරි"
මේ පාඨය පොලිසියටද ජනතාවටද කියලා තියෙන්නේ.
දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න.