Saturday, November 21, 2009

අනුගත වීම වෙනුවට අනුගත කිරීම


1. සරත් පොන්සේකාට දේශපාලනය බැරිද ?
සරත් පොන්සේකාට හෝ ඕනෑම පුද්ගලයකුට දේශපාලනය කිරීම හා රටේ නායකයා වීමට හැකිය. මන්ද කලින් සකස් කරන ලද නිළධාරී මඩුල්ලක් ලංකාව පුරා ඇත. (ශ්‍රාමසේවක තැනගේ සිට අමත්‍යංශ ලේකම් දක්වාත්) එම සියලු නිළධාරීන් තමාගේ වගකීම හරීයට කරයි.

2. සරත් පොන්සේකා කලේ මෝඩ වැඩක්ද ?
සරත් පොන්සේකා විශ්‍රාම යා යුතු වයසත් පසු කර ඇත. ඔහු හමුදා නිළධාරියෙකි. ඔහුට කොන්දක් ඇත. දේශපාලුවන් ලග දන නැමීමට තරම ඔහුගේ කොන්ද බිදී නැත.

3. සරත් පොන්සේකාට දේශපාලනය ඇකැපද ?
ලෝකයේ ඕනෑම මිනිසෙකුට තමන් කැමති දේශපාලන මතයක් දැරීම හා ක්‍රියාත්මක කිරීම අයිතිය ඇත.

4. සරත් පොන්සේකා දේශපාලනයට පැමින කීර්ති නාමය විනාශකරගනීද ?
ඔහු ජනාධිපති වරයා යටතේ ඔහුගේ බැලමෙහෙවර කම් කරමින් ඔහුගේ වරදාන වලට යටවී ජනාධිපති වරයාට ඕනෑ විදියට කටයුතු කිරීමෙන් සරත් පොන්සේකාගේ කිර්ති නාමය රැකේද.

සරත් පොන්සේකාට දේශපාලනය බැරිනම් ඔහු කලේ මෝඩ වැඩක් නම් ඔහු කීර්තිනාමය විනාස කරගනී නම් ඇයි ආන්ඩුව ඔච්චර බය.