Saturday, January 9, 2010

පුනරීන් හරහා කිලිනොච්චි අල්ලන්න හමුදාව දහස් ගණන් ජීවිත දෙද්දී මෙයා බස්නාහිර කොටු කර ගන්න හැදුවා.


බලයට පත් වුණාට පස්සේ කොටි පරද්දන්න කිව්වා. ඒක තමයි අංක එක කිව්වා. නමුත් මෙයා ජිනීවා ගියා. අන්තිමට මම නන්දෝපනන්ද කතාවත් කිව්වා. ඒ කතාවේ හැටියට අත ගාන්න විතරක් නොවෙයි ගහන්නත් ඕන, බුදු හාමුදරුවොත් නන්දෝපන්නද කතාවට අනුව යුද ක‍්‍රියාමාර්ග අනුගමනය කොට දමනය කළ බව පෙන්වා දුන්නා. එහෙම කරලායි කොටියා තලා ගන්න පුළුවන් වුණා.

දේශපේ‍්‍රමීන්ට එතැනින් නතර වෙන්න බැහැ. ඒ ජයග‍්‍රහණය තහවුරු කර ගන්න ඕන. කෝ ඒ කොටස කරනවාද? නැහැ. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් හමුදාව දහස් ගණන් ජීවිත පූජා කරමින් මන්නාරම අල්ලන කොට මහින්ද රාජපක්‍ෂ මහත්තයා උතුරුමැදයි, සබරගමුවයි විසුරුවා හැරලා ඒක අල්ලන්නේ කොහොමද කියා බැලූවා. පුනරීන් හරහා කිලිනොච්චි අල්ලන්න හමුදාව දහස් ගණන් ජීවිත දෙද්දී මෙයා බස්නාහිර කොටු කර ගන්න හැදුවා. මව්බිම ඉල්ලන්නේ වෙන එකක්. මහින්ද රාජපක්‍ෂ මහත්තයා යන්නේ වෙන ගමනක්.

අපි සුනාමි සහන මණ්ඩලය වැළැක්වූවා වගේ, පැකේජය වැළැක්වූවා වගේ රිගේනින් ශ‍්‍රී ලංකා වැඩපිළිවෙළ නතර කළා වගේ මේ මොහොතේ මැදිහත් වෙන්න ඕන නැද්ද? ඒක සාපරාධී ක‍්‍රියාවක්ද? ඒ වෙනුවෙන් මාධ්‍ය හමු දෙකයි කළේ, හෝමාගම රැලියයි තුනයි. පසුවදාම කුදලාගෙන ගියා. අපට කියන්නෙත් අරලියගහ මන්දිරයේ දන්සලෙන් වළඳලා පුටු රත් කරන්නද?

මහින්ද රාජපක්‍ෂ මහත්තයා එක්ක තරහක් නැහැ. රටට අවශ්‍ය ගමන යන්නේ නැතිනම් එලවන්න ඕන. මහින්ද මහත්තයා පවුල පෝෂණය කරන ගමනක් යන්නේ. රාජපක්‍ෂ පවුලේ ඥාතීන් 391ක් රට පාලනය කරන තැන්වල ඉන්නවා. රටේ බහුතරය දරිද්‍රතාවය ඉහළ ගිහින්. සාමාන්‍ය පෙළ 50%කට වඩා අසමත්. ඒ නිසා ආණ්ඩුව කවර බලපෑම් කළත්, සිර ගෙවල් දහසක ලැග හෝ මව්බිම ඉල්ලන ජයග‍්‍රහණය දිනා දීමට මා සූදානම් කියන ප‍්‍රතිඥාව මෙහිදී මා දෙනවා