Sunday, April 4, 2010

ජවිපෙ වැල් බයිලා


1963 පක්ෂය පිහිටුවන්න මූලික සාකච්චා කරනවා 1965 පක්ෂය පිහිටුවනවා. එදා ඉදන් අදවෙනකම් කියන්නේ රට වටේට මුහුද තියෙනවා රට මැද ඉදන් ගංගා හතර අතට ගලනවා. සාරවත් පොලොවක් තියෙනවා කිය කියා බෙරිහන් දෙනවා. හරියට අපි නොදන්න දේවල් වගේ.එකට එකතුවෙන්න කියනවා ලෙයින් යකඩින් රට ගොඩ නගනවා කියනවා.ඉතිං මගුලද කිය කියා ඉන්නේ කෙරුවනම් ඉවරනේ.ටිල්වින් මහත්තයෝ...
න්‍යාය ටොන් එකකට වඩා ප්‍රායෝගිකත්වය අවුන්ශයක් වටිනවා. කියලා ලෙනින් කියලා තියෙනවලු.
මොනවා උනත් යු ඇන් පි එකයි ශ්‍රීලංකා එකයි බොරු කරන්නත් බොරු කියන්නත් දන්නවා. ජවිපෙ දන්නේ ඇත්තද මන්දා කියන්න විතරයි කරන්න දන්නෙම නෑ.