පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව පසුගිය වසර තුළ රුපියල් කෝටි 211 ක රජයේ බලපත්‍ර සහිත මත්පැන් වර්ග 10 ක් පානය කොට ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කියනවා. මේකට හේතුව ලෙස එතුමන් කියන්නේ තාක්ෂණික ක්‍රම වලට කුඹුරැ වැඩ කරන නිසා ගොවියන්ට වැඩ අඩුයි. එනිසා ගොවියෝ නිතරම ඉන්නේ ෆන් එකේ. තව ටික දවසක් යනකොට කියයි ගොවියන්ට අරක්කු ගහන්න සල්ලි තියෙනවා පොහොර වලට සහනාධාර ඉල්ලනවා කියලා. කපන්න ඕන මුන්ගේ පොහොර සහනාධාරය එතකකොට ගහපියව්කෝ ගල් බැරිනම් පොල්. කාලකන්නි හැත්ත කියලා කියාවි.
මොකද අපේ රටේ උත්තමයෝ දන්නේ කැකිල්ලේ උත්තරනේ. අපේ රටේ මහ මී හරක් රෑන දන්නෑ. වී කිලෝ එකක නිෂ්පාදන වියදම රු 22ක් කියලා. ගොවියෙක් අවුරුද්දට හොයන මුදල දින වලින් බෙදලා බැලුවොත් ගොවියෙකුට දිනකට වැටිලා තියෙන්නේ රු 168ක් විතර. ගොවි ගෙවල් වල මාරන්තික පවුල් ප්‍රශ්ණ. ඒකට හේතුව ගෑනුන්ට හැමදාම බලාපොරොත්තු විතරයි. රත්තරං බඩු ටික බැංකු වල පරිස්සමට තියලා. රොටරිය මඩ වීල් දෙක පොලී කාරයා ගාව උගස් තියලා. ඒක බේරාගන් යන්නේ ගෑනු. පොලිය අඩුකරන්න ඕන නිසා පොලී කාරයට අල්ලන්න වෙලා. කරන්න දෙයක් නැතුවට ගොවියෝ එහෙම කරාට පිරිමින්ට ඒක දිරවන්නෑ. පොලී කාරයා නිකං බඩු ටික දෙන්නෙත් නෑ. ඉතිං හත්වලාමේ නොබී කොහොමද ?.
Saturday, May 15, 2010
Subscribe to:
Posts (Atom)