Thursday, December 17, 2009

පඹයෙක් හදාගන්නා පිලිවෙල



මුලින්ම මේ දිනවල බිත්ති තාප්ප මංසන්දි හොදින් නිරීක්ෂණය කරන්න.
එහි ඇති දැවැන්ත කටවුට් හොල්ඩින් හා පෝස්ටර් වල රුව මතකයේ නගා ගන්න.

ඉන්පසු නැවත ගෙදර පැමින පරන කොසු මිටවල් දෙකක්ද පරන අත්දික සුදුකමිසයක් සහ සුදු සරමක් ද සොයාගන්න. ඉන්පසු පිදුරු පරන රෙදි කැබැලි කිහිපයක් ගෙන කොසු මිටවල් කුරුසයක් සේ බැදගන්න. පසුව සරම සහ කමිසය ඒ තුලට රින්ගවන්න පසුව පිදුරැ පුරවා පරන රෙදි කැබැලි වලින් බඩ ටිකක් වැඩිවනසේ සකස් කරගෙන. දුබුරුපාටට(කුරහන් පාට හෝ පරන සපත්තු පාට) හුරු පටියක් බෙල්ලට දමන්න. උඩින් හොද මුට්ටියක් නවා ලොකු කටක් සහ රැවුලක් ඇදගන්න. බයෙන් ත්‍රෂ්ථ වූ ඇස් දෙකක් ඇදගත්තාටද කමක් නැත.

කුරුල්ලන් (හන්සයන්) භය කරගැනීමට මේ හොදටම සෑහේ.
මිනිසුන් භය කරගැනීමට අවශ්‍යනම් විධායක ජනාධිපති යනුවෙන් ‍කාඩ්බෝඩ් කැබැල්ලක ලියා එල්ලන්න.