Friday, October 30, 2009

නාසා ආයතනයට කොන්ඩම්



පරන ප්‍රවෘත්තියක් ලියන්න හිටියට අමතක උනා.

නසා ආයතනයේ එන්ඩඑවර් ෂටලයේ ප්‍රධාන විද්‍යඥයා, බුදු හමුදුරැවෝ සැරියුත් මහ රහතන්වහසේට කියු බනක් ලගදි ඇසිලද කොහේදෝ. අභ්‍යාවකාසයේ නව ග්‍රහ ලොවක මිනිස්සු පදිංචි කරනවාට වඩා හොදයි උපත් පාලන කොපුවක් හදුන්වා දෙන එක කියලා ප්‍රකාශයක් කරා.

මුන්ට මොලේ පෑදෙනකොට ලෝකය විනාස වෙලා ඉවර වෙලා තියෙයි.

කමක් නෑ කොහොම උනත් උගේ ප්‍රකාශයෙන් මට මාර සතුටක් දැනුනේ. ඇයි දන්නවද තව ටික දවසකින් මුන් ඇත්තටම කියයිනේ අපි එක එකා කෙලගන්නැතුව ඉමු අහස් කුරැවල නැගිලා උඩ ගියාට අපිට කරන්න පුලුවන් මගුලක් නෑ කියලා.

ඔන්න එදාට ටැබුලා වගේ උන් කියයි අන්න ඇමරිකාව කාටත් කලින් විමුක්තිය හොයාගත්තෝ කියලා.

(කුඩා සංශෝදනයක් කලා)

අම්මා අප්පාගේ බූදලය නොහොත් අවම බලය


ලංකාවේ පොලීසියට අම්මා අප්පාගේන් උරැම උන අවම බලය නමින් මගුලක් ඇත. පොඩි කාලේ අපි ඔට්ටු සෙල්ලං කරනකොට උනත් දන්නවා අත්දෙක උස්සපුවාම අල්ලන්නෑ කියලා. කොච්චියට ගල් ගහපු එකා ගැහුවනම් වැරදි තමා. නමුත් වැරදි කාරයන්ට දඩුවම් දෙන්න උසාවිය කියලා එකක් නමට හරි අටවලා තියෙනවානේ. මේකේ ඉන්න හැම එකාටම වැරදිකාරයන්ට දඩුවම් දීමේ අයිතිය දීලා තියෙන්නේ කවුද දන්නෑ. පොලිස් කාරයෝ මෙහෙම කරන්නේ හිතා මතාමයි. මොකද උසස් වීමක් ගන්න නම් මොකක් හරි අසමජ්ජාති වැඩක් කරන්නම ඕන. එහෙම කලොත් ඒක්කෝ උසස් වීමක් නැත්නම් ජන්දේ ඉල්ලන්න හරි පුලුවන්. ඒක ඉතින් බඩේ බත්ටික වගේ සුවර්.