ඇත්තටම මම කුමක් කරම්ද

දන්,කෝන්,වීර,කොබ්බෑ,එරමිනිය,කලුකම්බේරිය,දැල්බටු,මොට්ටු,මසං,හිඹුටු,සීනි සියඹලා,පළු සහ මොර,ඕලු ගෙඩි,නෙලුම් පොට්ටු,මයිල කරල් වල රස දන්නා ගොම් බෙට්ටක එලු බෙට්ටක සුවද දන්නා පාන් කිරිත්තන් ගේ කුරුල්ලන් හා පැනිත්තන්ගේ හඩවල් වල මිහිර දන්නා කාවයියන් වැලිගොව්වන් දන්ඩි පැටව් සරන් කෑල්ලෙන් අල්ලා ඇති ගෙමිදුලේ වලක් හාරා වතුර පුරවා පසුවදාට මැරී සිටිනු දැක මහ මෙරක් ඔලුවට කඩා වැටුනා සේ කම්පා වී සොබා දහම මගින්ම ජීවිතය හඩගසාගත් මිනිසුන් මැරෙන තුරා ලෝකයට මිනිසුන්ට ආදරය කරයි. ඔවුන් මෙහි සිදුවෙන දෑ හොදින් විනිවිද දකී. මේ බිමටත් මෙහි වසන මිනිසුන්ටත් සිදුවන පුංචි හෝ විපතක් ඉදිරියේ කෑ මොර දී යක්ෂයන් මෙන් හැසිරෙයි. අසමජ්ජාතියෝ නටන නාඩගම් නයාට අදුකොල වැනිය, ඉතිං මිතුර මේ බිමේ සිදුවෙන කඩප්පුලිකම් කෙසේ ඉවසා සිටින්නද, එසේ ඉවසා සිටියොත්,මා බලා සිටින්නේ මට මෙතරම් රස මසවුල් ගෙනත් දුන් සොබාදම කෙලෙසනකම් නේද. මා කියන කුණුහරුප වැරදිනම් මට තවත් හොද තිත්ත කුණුහරුපෙන් බැන මා තවත් දිරිගන්වන්න. ඒකත් බැරිනම් ඔබවත් හුක් පදේ කියා මේ රටේ ජනතාවට මොලේ පාදන්න. මැරිලා යන්න හෝ පැනලා යන්න අපට අයිතියක් නැත.