Tuesday, August 18, 2009

මාඕ සේතුං 1930


විඥානවාදයත් පාරභෞතිකවාදයත් ලෝකයේ ඉතාම පහසුදේය. කවර හෙයිනද යත් විෂයමූල සත්තාවේ පදනම මත නොතබාම, නැතහොත් සත්තාව මගින් උරගා බැලීමක් නොකොටම, තමන් කැමති තරම් වල්පල් කථාකරන්නට මිනිසුන්ට පුළුවන් නිසාය. අනෙක් අතට ද්‍රව්‍යවාදයත් අපෝහකවාදයත් සඳහා පරිශ‍්‍රමය අවශ්‍යය. ඒවා විෂයමූල සත්තාවේ පදනම මත තිබිය යුතුය. විෂය මූල සත්තාව මගින් උරගා බැලිය යුතුය. අයෙක් මේ පරිශ‍්‍රමය දරන්නේ නැත්නම් ඔහු විඥානවාදයට සහ පාරභෞතිකවාදයට ලිස්සා වැටෙන්නට ඉඩ තිබේ.

ගරැ මාඕ සේතුං මේ කියලා තියෙනදේ මගේ භාෂාවෙන් නොකියුවොත් මා කරන්නේ මට ලොකු වරදක්..

  • උපන් දා සිට හැම එකාම දන්නවා ලෝකේ සිද්දවෙන්නේ මොකක්ද අපේ රටේ සිද්දවෙන්නේ මොකක්ද කියලා .
  • ඒකට හේතුව ලෝකය හා අපේ රට පලනය කරන මහ එකාලා කියලත් හොදින් දන්නවා.

හැබැයි.......

කොහේ හෝ මලදානයක් උනොත් ඒකට ලගින්ම අල්ලගන්න පුළුවන් එකා අල්ගෙන (පොලිස් කාරයෙක්, දොස්තරයෙක්, ඩයිවර් කෙනෙක් හෝ වෙනයම් මොකෙක් හෝ) හොදට නෙලනවා. පත්තර ලියන උනුත් අන්තර්ජාලයේ ලාබෙට ලියන උනුත් ඇදල දානවා හරියට ලග හිටියා වගේ. ඒ විතරක් නොවෙයි. කරන්න ඕනදේත් කියනවා.

මාර ලේසිනේ. ( නිසි දඩුවම් දෙනු. වහා මාරැ කරනු. තහනම් කරනු.)

හැබැයි...

මා ඉහත සරලව කී කාරනා දෙක එකට එකක් ගලප්පන්න හරිම බයයි. බය නැති උනත් ගැලැප්පුවොත් ඒකෙන් කාට හරි වාසියක් වෙන නිසා කුහකයි.

ඔන්න ඕකයි ඇත්ත මල්ලී

මේක මාඕ සේතුං කීවේ 1930දී

බුදු හාමුදුරැවෝ කියලා අවුරැදු 2500කට වැඩී..

කීවේ චතුරාර්ය සත්‍යය ධර්මයෙනි.

චතුරාර්ය සත්‍යය මා විග්‍රහ කිරීම චතුරාර්ය සත්‍යයට හොද නැත.