Saturday, October 31, 2009

පිස්සන්ට පහරදීම බලා සිටින ශිෂ්ඨසම්පන්න මහජනතාව


බම්බලපිටිය වෙරළාසන්න මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහනවලට හා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් තිබූ දුම්රියට ගල් මුල්වලින් පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදුවූ ආකාරය අපි කවුරැත් මාධ්‍ය මගින් හොද හැටි දැක්කේය. බම්බලපිටිය ප්‍රදේශයේ වාසය කරන ශිෂ්ඨසම්පන්න මිනිසුන්ගේ ශිෂ්ඨසම්පන්න සීතල උත්තරද අප දැක්කේය.

අගුලාන තරැනයන් දෙදෙනෙක් මරා දැමීමේ සිද්දියේදී අශිෂ්ඨසම්පන්න අගුලාන ජනතාව ගත් ක්‍රියාමාර්ගද අප හොදින් දැක්කේය.
එම අශිෂ්ඨසම්පන්න ක්‍රියාමාර්ග වලින් ලංකාවේ බොහෝ රාජ්‍ය ආයථන පාඩම් ඉගෙන ගත්තේද නැද්ද යන්න අශිෂ්ඨසම්පන්න මිනිසුන්ට වඩා සීතකාමරවල නිදිවදින ශිෂ්ඨසම්පන්න මිනිසුන් හොද හැටි තේරැම් ගත්තේය.
තේරැම් ගත්තා පමනක් නොව ඇග කිලිපොලා ගියේය. යාන්තමට සුළුදිය පහව යන්නටද ඇත.
රටක ශිෂ්ඨසම්පන්න බව රැක ගැනීම උදෙසා ක්‍රියාකාරී ලෙස මැදිහත් වන්නේ අසබ්‍ය වචන කියන අශිෂ්ඨසම්පන්නව ජීවත් වන මිනිසුන්ද ?
ශිෂ්ඨසම්පන්න සීතල මිනිසුන්ද ?