Tuesday, November 10, 2009

ගමනක අවසානය දක්වා සතුටින් යමු.


සමාජවාදයට යන මාර්ගය පිළිබදව අන්තිම අංශු මාත්‍ර විස්තර දක්වා, සියලු කරැණු මාක්ස් දැනසිටි බව හෝ මාක්ස්වාදීන් දන්නා බව අපි නොකියමු.
එවැනි දෙයක් ගැන දෙඩීම විහිළුවක් වනු ඇත. අප දන්නේ මේ මාර්ගය වැටී ඇත්තේ කුමන දිශාවටද යන්නත් එය අනුගමනය කරන්නේ කුමන පංති බලවේගයද යන්නත්ය. නිශ්චිත ප්‍රායෝගික කරැණු පිළිබද විස්තර හෙළිදරව් වන්නේ ලබන අත්දැකීමෙන් පමණකි.


_____ලෙනින්______
කම්කරැ පංතිය හා ගොවි ජනතාව අතර සන්ධානය.

සමාජවාදය කියලා අමුතු එකක් නෑ. ඒකට ඉරි ඇදලා ලෙනින් කියපු විදිහට මාර්ක්ස් කියපු විදහට, ‍මාවෝ කියපු විදිහටම යන්න ඕන කමක් නෑ ස්වභාව ධර්මයේ කැමැත්තට අනුව තත්වයන් අනුව වෙනස් වෙමින් මිනිසාගේ නිදහසේ සීමාවන් පුළුල් කිරීම සමාජවාදයට යන ගමනයි. එහෙම කරන්න යනකොට සමහර ඒවා වරදින්න පුළුවන් මක් නිසාද. ඒවා කිලින් කරලා අත්දැකීම් නැති නිසා. එහෙම එකක් දෙකක් වැරදුනාට කමක් නෑ අධමයන්ට සතුටු වෙන්නත් මොනවා හරි තියෙන්න ඕනනේ.