Monday, August 17, 2009

අනෝමා ආවා


හරියටම අවුරැදු 07කට පස්සේ අනෝමා ලංකාවට ආවා. ඊයේ මාව බලන්නත් අවා වෙනදා වගේම ලස්සනයි. එදාටත් වඩා නිහතමානී වෙලා කියලා හිතෙනවා. ගතිගුණ වෙනස් වෙලත් නෑ.
නමුත් පරන තිබුන ගුප්ත බව තාමත් තියෙනවා.
ගෑනු කවුරැ උනත් ගුප්තයි. ඒත් අනෝමාගේ ගුප්ත බව පේනවා ඒක තමා ගෑනියෙකුට නරකම දේ. කොහොම උනත් ගෑනියෙක් ආරක්ෂ්‍යා කරන්න. පිරිමියෙකුට ලොකු උවමනාවක් තියෙන්න ඕන. ඒ උවමනාවට සරිලන පවුර්ෂවයක් තියෙන්නත් ඕන. ගෑනු පිස්සු කෙලින එක ජීව විද්‍යාත්මකයි. ඒක තේරැම් අරගෙන කටයුතු කරන එක පිරිමින්ගේ වගකීමක් කියලා හිතනවා.
මේ කොටස ලියන්නේ දෝනිට විතරක්ම කියවන්න. (ගී රස විනිසෙන් උපුටා ගත්තා)
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම හැඳ
ඇවිත්හිඳින් දඟකාරියේ
එදා වාගේ අදත්
සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්දෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළං වෙන්න
සොඳුරු දඟකාරියේ.....