Wednesday, February 3, 2010

අපි සියඹලා ගෙනාවේ නෑ


ඔන්න දවසක් කීරාල ගොයියා සියඹලා ගෝනියක් ඇරගෙන කඩේට ගියා විකුනන්න. ඔක්කොම කිලෝ 25යි කියමුකෝ. මුදලාලි එයින් කිලෝ 1ක් කැපුවා ගෝනියට. පොතුවලට කැපුවා කිලෝ 5ක්. ඇටවලට 10ක්. තෙත බරට කිලෝ 7ක් කැපුවා ඉතිරි කිලෝ 2යි. කීරාලට තරු පෙනින. ඈ බං මුදලාලි මම සියඹලා ගෙනාවේ නැද්ද.

හරියට ලංකාවේ 2010 ජනාධිපතිවරනය වගේ. මුදලාලි නම් කැපුවේ මොනවද කියලා කිව්වා ඒ උනාට අපේ මුදලාලි කියන්නැතුවම කැපුවා.
ලියන්නා නොකියා කීවා නිකන් මොනවදෝ කැපුවා මටත් දැනුනා. මටත් අප්සට් පොඩ්ඩක් හොයලා බලන්න. ඔන්න මම කිරලා ගණන කාබන් කොලවල ලියලා දුන්නා ඒවා එකතුකරලා බැලුවනම් හොදා. ඒක ඉතිං උඹලාගේ වැඩක් මගේ වැඩේ මම කොරා හැබැයි මටත් උඹලා ගැන දුකයි කියලා. ලියන්නා කීවේය.

උදව්වකටත් වඩා යුතුකමක්


අසත්‍ය රජකරන සමාජයක මාධ්‍යකරුවකුගේ වගකීම වියයුත්තේ සත්‍ය හෙළිදරව් කිරීම බව අප දැඩිව විශ්වාස කරමු. "ලංකාටෲත්" අප වෙබ් අඩවිය 2002 වසරේ සිට පුරා වසර 8ක් පුරා ඔබ හමුවේ තබා ඇති විශ්වාසය එයයි. වංචාව, දූෂණය, අයුක්තිය රජකරනා පාලනයක ගුණ වර්ණනා කිරීම අපි විශ්වාස කරනා මාධ්‍ය සදාචාරයට අනුව විහිළුවකි. එනිසාම සහ අපට එරෙහිවන්නන් එය හොදින්ම දන්නා නිසාම අප වෙබ් අඩවියටද බාධා පැමිණ වීමට බොහෝවිට ඉඩ කඩ තිබේ. පසුගිය කාල සීමාව තුළ අප වෙබ් අඩවියට වරින් වර ඇතිවූ දීර්ඝ ඇණහිටීම්වලට හේතුව ඇතැම්විට එවැන්නක් අත්හදා බැලුවාවීම විය හැක. එබැවින් අප හමුවේ එවැනි අනතුරක් ඇති බව සහෘද පාඨක ඔබට කල්තියා පැවසීමට අප තීරණය කළෙමු.

මර්දනය රජකරනා සමාජයක මර්දනයට එරෙහිව නැගී සිටීමට අප කිසිවිටෙකත් පසුබට නොවෙමු. ආණ්ඩුවට අපට බාධා පැමිණ විය හැක්කේ ශ්‍රී ලංකාව තුළ පමණි. මේවන විට තාක්ෂණය ලබා ඇති දියුණුව හමුවේ ශ්‍රී ලාංකික පාඨක ඔබටද එය විශාල ගැටලුවක් නොවනු ඇති බව අපේ විශ්වාසයයි. ඕනෑම අවහිර කළ වෙබ් අඩවියක් proxy වෙබ් අඩවියක් හරහා ගොස් නැරඹීය හැකි බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එබැවින් කුමන බාධා පැමිණුවද අසාධාරණය සහ අයුක්තිය උදෙසා අප ඇරඹි අරගලය අත් නොහරින්නා සේම පාඨක ඔබද අප සමඟ අත්වැල් බැඳ ගන්නා බව අප දනිමු.

ඔබ හා අප අතර තිබෙන්නාවූ ඒ සම්බන්ධතාවය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාම සහ යම් කිසි බාධා පැමිණවීමක් සිදුවුවහොත් අප වෙබ් අඩවියට පිවිසිය හැකි ආකාරය ඔබ වෙත දැනුම්දීම සදහා ඔබගේ email ලිපිනය editorlankatruth@gmail.com ලිපිනයෙන් අප වෙත යොමු කරන්න. ඔබ දන්නා තාක්ෂණික උපදෙස් සහ ඔබගේ අදහස් අප වෙත දැනුම්දීමට wmlankatruth@gmail.com ලිපිනය භාවිතා කරන්න.

use this proxy server.

http://www.hotspotshield.com
http://www.hotspotshield.com
http://www.pimpmyip.org as proxy!
http://www.the-cloak.com
http://www.anonymouse.org
http://www.ninjacloak.com/