Wednesday, February 3, 2010

අපි සියඹලා ගෙනාවේ නෑ


ඔන්න දවසක් කීරාල ගොයියා සියඹලා ගෝනියක් ඇරගෙන කඩේට ගියා විකුනන්න. ඔක්කොම කිලෝ 25යි කියමුකෝ. මුදලාලි එයින් කිලෝ 1ක් කැපුවා ගෝනියට. පොතුවලට කැපුවා කිලෝ 5ක්. ඇටවලට 10ක්. තෙත බරට කිලෝ 7ක් කැපුවා ඉතිරි කිලෝ 2යි. කීරාලට තරු පෙනින. ඈ බං මුදලාලි මම සියඹලා ගෙනාවේ නැද්ද.

හරියට ලංකාවේ 2010 ජනාධිපතිවරනය වගේ. මුදලාලි නම් කැපුවේ මොනවද කියලා කිව්වා ඒ උනාට අපේ මුදලාලි කියන්නැතුවම කැපුවා.
ලියන්නා නොකියා කීවා නිකන් මොනවදෝ කැපුවා මටත් දැනුනා. මටත් අප්සට් පොඩ්ඩක් හොයලා බලන්න. ඔන්න මම කිරලා ගණන කාබන් කොලවල ලියලා දුන්නා ඒවා එකතුකරලා බැලුවනම් හොදා. ඒක ඉතිං උඹලාගේ වැඩක් මගේ වැඩේ මම කොරා හැබැයි මටත් උඹලා ගැන දුකයි කියලා. ලියන්නා කීවේය.

No comments:

Post a Comment