Sunday, May 23, 2010

ගෑනු ජාතිං විෂං විෂමං


ගෑනු කියන සත්වයා මහ පුදුම සත්වයෙක්. ඒ සතාට පුලුවන් ඊයේ හමුවුන පිරිමියා යකෙක් කරලා අද හමුවුන මිනිහා දෙවියෙක් කරන්න. ආයෙත් ඕන නම් යකා දෙවියෙක් කරලා දෙවියා යකා කරන්නත් පුළුවන්.

Friday, May 21, 2010

බුදුන්ට කොකා පෙන්වීම


ජලගැලීම් නිසා උන්හිටි තැන් අහිමිව අවතැන්ව රාජගිරිය ශ්‍රී සුදර්මාරාම පුරාණ රජමහ විහාරස්ථානයේ දින 12ක් තිස්සේ රැදී සිටි පවුල් 20ක් පමණ බුද්ධ පූජාවක් පැවැත්වීමට ඇති බව පවසමින් එම විහාරස්ථානයෙන් බලහත්කාරයෙන් පන්නලා.
අසරන වෙච්ච මිනිසුන්ට වැඩිය බුද්ධ පූජාව ලොකුයි නම් එහෙව් බුදුවරයෙකුට පුදන පූජාවක්, දානයක් වෙන්න බෑ බිලි පූජාවක් වෙන්න ඇති.

Saturday, May 15, 2010

ගොවියෝ වැඩ නැතුවට කෝටි 211ක ගල් ගහලා

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව පසුගිය වසර තුළ රුපියල් කෝටි 211 ක රජයේ බලපත්‍ර සහිත මත්පැන් වර්ග 10 ක් පානය කොට ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කියනවා. මේකට හේතුව ලෙස එතුමන් කියන්නේ තාක්ෂණික ක්‍රම වලට කුඹුරැ වැඩ කරන නිසා ගොවියන්ට වැඩ අඩුයි. එනිසා ගොවියෝ නිතරම ඉන්නේ ෆන් එකේ. තව ටික දවසක් යනකොට කියයි ගොවියන්ට අරක්කු ගහන්න සල්ලි තියෙනවා පොහොර වලට සහනාධාර ඉල්ලනවා කියලා. කපන්න ඕන මුන්ගේ පොහොර සහනාධාරය එතකකොට ගහපියව්කෝ ගල් බැරිනම් පොල්. කාලකන්නි හැත්ත කියලා කියාවි.
මොකද අපේ රටේ උත්තමයෝ දන්නේ කැකිල්ලේ උත්තරනේ. අපේ රටේ මහ මී හරක් රෑන දන්නෑ. වී කිලෝ එකක නිෂ්පාදන වියදම රු 22ක් කියලා. ගොවියෙක් අවුරුද්දට හොයන මුදල දින වලින් බෙදලා බැලුවොත් ගොවියෙකුට දිනකට වැටිලා තියෙන්නේ රු 168ක් විතර. ගොවි ගෙවල් වල මාරන්තික පවුල් ප්‍රශ්ණ. ඒකට හේතුව ගෑනුන්ට හැමදාම බලාපොරොත්තු විතරයි. රත්තරං බඩු ටික බැංකු වල පරිස්සමට තියලා. රොටරිය මඩ වීල් දෙක පොලී කාරයා ගාව උගස් තියලා. ඒක බේරාගන් යන්නේ ගෑනු. පොලිය අඩුකරන්න ඕන නිසා පොලී කාරයට අල්ලන්න වෙලා. කරන්න දෙයක් නැතුවට ‍ගොවියෝ එහෙම කරාට පිරිමින්ට ඒක දිරවන්නෑ. පොලී කාරයා නිකං බඩු ටික දෙන්නෙත් නෑ. ඉතිං හත්වලාමේ නොබී කොහොමද ?.

Thursday, May 13, 2010

උන්ට ඕන මුන් හොරු කරන්න.


පිටකොටුව පදික වෙලදුන් පොලිසිය විසින් එලවනවලු. රටේ මහ එවුන් රටේ තියෙන හොදම තැන් බලෙන් අල්ලගෙන හූරගෙන කනවා. පොඩි එවුන්ට තියෙන්නේ පදික වේදිකාව තමයි. මුන් හිතාගෙන ඉන්නේ මිනිස්සු පේව්මන්ට් එකට වැටිලා ඉන්නේ ආසාවෙන් කියලා. මිනිස්සු පදික වේදීකාවේ ඉදගෙන ‍තුට්ටු දෙකේ හොරකම් කරන්නේ ෆන් එකට කියලා. උන්ට තේරෙන්නෑ උන් කාපුවාම පොඩි එවුන් කන්නේ උන්ගේ ලබ්බද කියලා.

Monday, May 3, 2010

පිච්චිය අතේ නෑ

මේ දවස් වල මගේ සබ්බ සකලමනාවම හිදිලා මොකද අවුරුදුත් ආවනේ. ඒක නිසාම මාගේ අන්තර් ජංජාලේ විසංදි කරලා. අයේ කීයක් හරි අතට ආපුවාම හදාගෙන ලිංඤංකෝ. මොනවා කරන්නද දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී. දන්නවද සහෝදර වරුනි කුනුහරුප කියන්නත් සල්ලි ඕන. මේ ලියන්නෙත් පිනාට.
මීට
සයිබර් සරදියෙල්