Sunday, September 19, 2010

නොදුටු පුතුට


පැටියෝ දුක දරාගන්ඩ
හිටියෝ සියුමැලියෝ
දෙවියෝ නුඹ බලාගන්ඩ
බිලිඳෝ දොයි දොයියෝ

ඇකයේ පීනයි
සීතල සුලගේ සිසිලයි
කදුලේ උනුසුම සමගින
හටනක හරි හරි හරියට

පැටියෝ දුක දරාගන්ඩ
බැරියෝ නුඹ බලාගන්ඩ
බිලිදෝ දොයි දොයියෝ

සැකයේ කලුවර
බියකරු රකුසෝ පැනයයි
නිසැකයි නුඹ මා අදිටන
මට වාවාගෙන ඉන්නට
කොයි කලකට
පැටියෝ... දොයි දොයි දොයියෝ

Tuesday, September 14, 2010

Love

ස්ත්රී හු එක් තැනැත්තකු විසින් උපයන ලද දෙය තවත් තැනැත්තෙකුට කවමින් ඔහුට පෙම් කරමින් ඔහු ඇසුරු කරති. කුමක් මෙන්ද යත් කේසර සිංහයා විසින් මරා දමන ඇත් රජුගේ මළ සිරුර හිවලුන් හා කපුටන් අනුභව කරන්නා මෙනි.

Saturday, September 4, 2010

අටකිචිජානෝ නිතරම ජෙග ජෙග ගානෝ

කිතල පතානෝ නිතරම උඩයට යානෝ
අටකිචිජානෝ නිතරම ජෙග ජෙග ගානෝ

මෙය කැළණි ගල වර්ණා කල පැරණි ජන කවියකි.

මේ පද පේලි දෙක මහින්දට සහ මර්වින්ට හොදට ගැලපෙනවා
මොකද ලගදීම මර්වින්ට සියළු තනතුරු නැවත ලබාදෙන නිසා

Friday, September 3, 2010

අර්ල් ආණ්ඩුවට සුභසිංහ හිරේට

ජවිපෙ අර්ල් විශ්වාස කරලා පොලොන්නරුවේ සරත් ‍පොන්සේකා මහතා දිනවීම සදහා උද්ඝෝෂණය කරා අර්ල්ගේ බහට රැවටිලා පොලිසියේ පැමිණිල්ලක් දැමීමේ නැහැ (නිර්ධන පංතියේ සංවිධායකයින් ධනපති නායකයන් විශ්වාස කිරීම) අන්න සුභසිංහ මන්ත්රීධවරයා හිරේ. දැන් මෛත්රීේපාල සමග සාම ගිවිසුම් ගහනවා ලැජ්ජා නැති වැඩ.

ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා..
හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනා වෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරන ඉන්න
විරසක සුසුම් මහා ගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සද
තනි යහනේ සරහන රටා වියන්නේ
විෂ කටු ඇනී ආතුර වු සිතට ඔබේ
ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ.