Thursday, December 24, 2009

සිලිකන් සහ ජර්මේනියම් කල විනයක්



විකුණන විකිනෙන සමාජයේ මිනිසුන් වන අප කාලකන්නිම යුගය පසුකරමින් සිටි. තාක්ෂණය විසින් මිනිසුන් හුදකලා කරමින් සිටි රුපියල් 2කට මිනීමරාගන්නා යුගයකට ඇදවැටෙමින් ඇත. ජිල් බෝලයක් ගසා දාන්අතක් ඇද සිටි අප කොම්පියුටර් ගේම් හා sms වලින් මිනිසුන් අතර සහ සම්බන්දකම් අන්තිම බිංදුවට ඈත්කොටගෙන ඇත. කොම්පැනිකාරයන් මිනිසුන්ගේ අතේ ඇති අවසාන රුපියල් 20ත් සූරාකෑමට තාක්ෂණය මෙහෙයවමින් ඇත.
කොහොම උනත් මේ නිසාම මිනිසුන්ට හැමදේම තිත්ත කරමින් තිබේ. මහාලොකුවට ජාත්‍යන්තරව හිතන චීනය ඇමරිකාවට නොදෙවෙනි ලෙස ලෝකයේ දිලිදු රටවල් පුරා කසල ගොඩවල් පුරවමින් යයි. ඇමරිකන් කාරයන් ලෝකය පුරා කඩප්පුලි කම් වපුරමින් යයි. ආසියාතිකයන් තමා තුල තිබූ ගුණකරුක කම් වලපල්ලට ඇද දමමින් ලෝකය පුරා වාර්ථා පිහිටවයි.
කාගේ පරමාදර්ශයන් ගුරුකොටගෙන ලෝකයට මොනවා කියාදෙන්නද කියා බැරිතරමට ඔලු කුහර මංඥං වී ඇත.