Tuesday, September 29, 2009

රජයේ සේවකයෝ පටලවා ගැනීම

පන්සල් යන්නේ පින්දහම් කිරීමටය, තම ව්‍යපාර(රස්සාවට) ස්ථානයට යන්නේ එම ව්‍යාපාරය(රස්සාව) කිරීමටය. කෑම මේසයට යන්නේ කෑම ගැනීමටය. වැසිකිලියට යන්නේ මල පහ කිරීමටය. ඇදට යන්නේ බුදියෑමට හෝ නිදාගැනීමටය.
ලාංකීය ජන සමාජය මේ සියල්ල පටලවාගෙන ඇත. සමහරැ නොදැනුවත්ව පටලවාගෙන ඇත සම හරක් ‍දැනුවත්ව පටලවාගෙන ඇත.
සමහර පොත්කාරයන් පොත්වල ඇති දෑ එහාට මෙහාට දමා හරි අපූරැ පොත් හදති. ඒ පොත් පෙන්නා මහජනතාවට පොත දමති. රාජ්‍ය සේවකයෝ වැසිකිලි යන්නේත් බත්කන්නේ බුදියගන්නේත් නිදාගන්නේත් කන්නේත් තමන්ගේ කාර්යාලයේය. මහජනතාවට එය ගැටලුවක් නැත.

මීට බැරිමතැන

මානසික රෝගීන්ගෙන් පරිස්සම් වන්න Beware of the mentally ill
Posted by Taboo on September 28, 2009
මේ පෝස්ටය කෙටිය. සටහන් කළ යුත්තේ නොකර බැරි තැනය.
මනෝ විකෘතියෙන් පෙළෙන පුද්ගලයෝ හැම වෘත්තියකම දක්නා ලැබෙත්. නාමිකව ඉහළ වෘත්තියකට වුව එය අදාළය. බ්ලොගවකාශයටද මෙවැන්නන් අරුම නොවේ.
මෙවැන්නන්ගේ මනෝ විකෘතිය අහිංසක නම් එය නොසළකා හැරිය හැකිය. නමුත් වරින් වර එය අනෙකුන්ට කරදරවන ත්‍රස්තවාදයක් බවට පත්වේ. පොලිස්කාරයින් නැති බ්ලොගවකාශයේ අප එය දරා ගත යුතුය සිතමි. මේ පුද්ගලයන් ගැන දැනුම්වත් නම් අපට එය අසීරු නැත.
ටැබූගේ අනන්‍යතාව භාවිතා කොට නොසරුප් කමෙන්ටු පළ කිරීම නිසා මේ තත්ත්වය සමනය වන තුරු ඔහු මෙම බ්ලොගයේ හැර වෙනත් බ්ලොග්වල කමෙන්ට් නොදමන්නට තීරණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.
(මේ පොස්ටය සඳහා කමෙන්ට් අවුරා ඇත.)

මානසික රෝගීන් පරිස්සම් වෙන්න. the mentally ill of Beware

අනේ බලන්නකෝ අනේ මම ලියන එවා දෙකේ කොලේට දාල ලියන එකෙක් ඉන්නවනේ. එපා වෙනවා අප්පා. අනේ මගේ හිතට මේ දවස්වල හරී අප්සට් ඒක නිසා ටික දවසක් ඔයාලාගේ ඒවට නොලියා ඉන්නම් හොදේ. තලහාවෙන්න එපා.

(මේකට උත්තර ලියන්න මම ඔයාලට දෙන්නෑ අනේ මේකා මට මොනවා ලියයිද දන්නෑ එපා වෙනවා එකයි අනේ)

මෝඩයෙකුගේ පෙරවදන

කරුණාවෙන් සවන් දෙන්න:
කිසිම ආගමකට, සංස්ථාවකට, ආයතනයකට, ජන කොටසකට හෝ පුද්ගලයකුට පහරදීමට විශේෂ උවමනාවක් මේ බ්ලොග්කරුට නැත්තේය. එහෙත් ප්‍රෝඩාවට, වංචාවට, බොරුවට හා රැවටීමට පහර දීමේදී ඒවායේ කොටස් කරුවන්ද පහර කෑම ස්වභාවිකය. බ්ලොග්කරු කිසිම ආගමකට අයත් නැත. ඔහු තම දිවියේ මුල් දහසය වසර බෞද්ධයකු ලෙසද (බෞද්ධ පවුලක උපන් නිසා) ඉන් පසු වසර කිහිපයක් මාක්ස්වාදියකු ලෙසද ගෙවා ඇත. ගෞතම බුදුන් හා මාක්ස් ලොව පහළ වූ ඉහළම බුද්ධිමතුන් සේ සළකතත් අද ඔවුන්ගේ අනුගාමිකයන් කියාගන්නා උන් කරන බොරුව වටහා ගත් පසු බ්ලොග් කරු මේ සංස්ථා දෙකින්ම ඉවත් විය. වත්මන් දේශපාලකයන් අතුරින් ඔහු යම් පමණකට දෙදෙනෙකුට ගරු කරයි. එක්කෙනෙක් වී. ආනන්දසංගරීය. අනෙකා වික්‍රමබාහු කරුණාරත්නය. මොවුන්ද සියයට සියයක් නිවැරදි බව මින් නොකියැවේ. එහෙත් ඔවුහු යම් මට්ටමකට මෙරට පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිති. අනෙකුන් ඔක්කොම පොල් හොරුය. එක හොරකු ලංකාවේ වැඩවසම් අධිරාජයා වීමට උත්සාහ කරද්දී රනිල්, සෝමවංස, මේධානන්ද පමණක් නොව ප්‍රභාකරන්ද ඇතුළු හොර නඩය ඊට ඍජුව හෝ අනියමින් උදව් කරති. මේ වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ඔහුගේ කියැවීමය.

//අපි නොදන්න ඇටිකෙහෙල්
කිසිම ආගමකට, සංස්ථාවකට, ආයතනයකට, ජන කොටසකට මේ බ්ලොග්කරුට අයත් නැත්තේය. කොටින්ම කියනවානම් ජාතියක් ජන්මයක්ද මේ බ්ලොග්කරුට නැත්තේය.
එහෙත් ප්‍රෝඩාවට, වංචාවට, බොරුවට හා රැවටීමට පහර දීමේදී ඒවායේ කොටස් කරුවන්ද පහර කෑම ස්වභාවිකය. නමුත් මේ බ්ලොග්කරැට කවදාවත් එසේ වන්නේ නැත.
බ්ලොග්කරු කිසිම ආගමකට අයත් නැත. ඔහු තම දිවියේ මුල් දහසය වසර බෞද්ධයකු ලෙසද (වැරදීමකින් බෞද්ධ පවුලක උපන් නිසා) ඉන් පසු වසර කිහිපයක් මාක්ස්වාදියකු ලෙසද ගෙවා ඇත. ඉන්පසු ටික කලක් කුම්භාන්ඩයෙකුව සිටි මේ බොලොග්කරැ දැන් මළ පෙරේතයෙකු වී සිටී. තව නොබෝ කලකින් පිසාචයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටී.
ගෞතම බුදුන් හා මාක්ස් ලොව පහළ වූ ඉහළම බුද්ධිමතුන් සේ සළකතත් අද ඔවුන්ගේ අනුගාමිකයන් කියාගන්නා උන් කරන බොරුව වටහා ගත් පසු බ්ලොග් කරු මේ සංස්ථා දෙකින්ම ඉවත් විය.
ඒ දෙපල මේ වනතෙක් මෙලොව සිටියා නම් මමද ඔවුන්ගේ සරන යමි. දැන් ඒ ගැන කියා වැඩක් නැත.
වත්මන් දේශපාලකයන් අතුරින් ඔහු යම් පමණකට දෙදෙනෙකුට ගරු කරයි. එක්කෙනෙක් වී. ආනන්දසංගරීය. අනෙකා වික්‍රමබාහු කරුණාරත්නය. එහෙත් ගෞතම බුදුන් හා මාක්ස් ටත් වඩා ගරැ කරන දෙදෙනෙකු සිටී ඒ කුමාර් රෑපසිංහ සහ ඩිලාන් පෙරේරාය. ඒ වාගේ හදගම මාගේ පියායි. මා හදගමගේ ලා බාල පැටියෙකි.
මොවුන්ද සියයට සියයක් නිවැරදි බව මින් නොකියැවේ. එහෙත් ඔවුහු යම් මට්ටමකට මෙරට පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිති. මාත් කවදා මොවුන්ගේ අඩිපාරේ යාමට අතිමහත් කැමැත්තක් ඇත. අනෙකුන් ඔක්කොම පොල් හොරුය. එක හොරකු ලංකාවේ වැඩවසම් අධිරාජයා වීමට උත්සාහ කරද්දී රනිල්, සෝමවංස, මේධානන්ද පමණක් නොව ප්‍රභාකරන්ද ඇතුළු හොර නඩය ඊට ඍජුව හෝ අනියමින් උදව් කරති. මේ වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ඔහුගේ කියැවීමය. මහ රජානන් අනේ හරී හොදය මේ රජා චුතවී ගියපසු තව රජෙක් පැමිනි කල එතුමා මට මීට වැඩිය හොදය. එතකොට රජතුමා නිකම්ම නිකන් රාජපස්සය. //

Sunday, September 27, 2009

අස්වයෝ සහ බූරැවෝ




අස්වයෝ සහ බූරැවෝ එක් උනාම කොටලුවෝ සෑදෙයි. සමහර කොටලුවන්ට අශ්ව ගතිත් සමහර කොටලුවන්ට බූරැ ගතිත් පිහිටයි. ඉන් සමහරෙකුට නපුර්ශක ගතිත් පිහිටයි. කොහොම උනත් අන්තර් ජාලය දැන් අන්තර් ජංජාලයක් වී ඇත. ඒ මක්නිසාද යත් සිංහල බොලොග් ලියන බූරැ ගති ඇති කොටලුවෝත් උන්ගේ නපුර්ශකයෝත් අතින් ලියැවෙන බොලොග් සටහන් නිසාවෙනි. උදාහරන කියන්න ඉස්සර කියන්න යමක් තියෙනවා. මුන්ට මේතරම් මොට්ට මැටි මොලයක් කොහොම ඇති වුනාද කියලා. මා මේ පහතින් කරන්න යනදේ අන්තර් ජංජාලයේ නොව කොහේවත් නොකල යුත්තකි ඒත් මේ වගේ උන්ගෙන් බිහිවන උන් මොනුන් වෙයිද දන්නේ නැති නිසා http://taboosubjects.wordpress.com/ මෙන්න මේකාගේ එවා කියවීමෙන් මොලේ කොලොප්පන් විය හැක.

Thursday, September 24, 2009

දකුනේ ජන්දේ



ඉස්සර සම සමාජ කාරයෝ හොදට හිටපු කාලේ

සමසමාජ පක්ෂයේ සාමාජීකයෝ ගම් වලට ගිහින් මිනිසුන්ට කීවලු ආදරනීය ජනතාවනි අපි මේ වතාවේ මැම්බර් ජන්දෙට ඉදිරිපත් වෙනවා ඔබ තමුන්නාසේලා අපිට ඔබතමුන්නාසේලාගේ වටිනා ජන්දය අපට දෙන්න ඕන කියලා.


ඩී.ඇස්. සේනානායක වේදිකාවේ ගරැසරැව ‍පුටුවක ඉදගෙන ඉන්නකොට ඩී.ඇස්ගේ බත් බැලයෙක් කියනවලු තොපි දන්නවද මේ සැරේ මේ වේදිකාවේ ඉන්න උත්තමයා මැම්බර් වෙනවා තොපිට තියෙන්නේ උදෙන්ම ජන්ද පොලට ගිහින් මේ උත්තමයට උඹලගේ ජන්දේ දාපියව් කියලා.


ඉන්පසු ජනතාව කියනවලු දැක්කද ඩී.ඇස්. උන්නැහේ කථා කල ගාම්භීරකම. අපි ජන්දෙ දෙන්න ඕන උන්නාසෙටම තමයි. අරැන් අපිට ඔබතුමාලා කියනවා ලැජ්ජා නැති උන් ඔවුන්ට ජන්දෙ දුන්නොත් හොදට හිටියි කියලා.


ඒ විතරක් නොවේ ජන්ද කටයුතුවලට එන ඩී.ඇස්ට ගමේ ඉන්න හැඩ වැඩ ඇති ගැටිසියකුත් දෙනවලු ඒ දින ටිකේ රෑ වැඩ කටයුතු සදහා ඉන්පසු ඒ ගෑනි බැදගන්න පිරිමිත් ඕන තරම් ඉන්නවා විතරක් නොවේ ඒ ගැන කඩපිල්වල කියවනවලු මයේ ගෑනි තමා ඩී.ඇස් උත්තමයාගේ වැඩ පල කරලා දුන්නේ කියලා.


ඔන්න ඔවැනි ජාතියක් තමා අපේ රටේ වසන්නේ.

පින් සිදුවේවා අල්කයිඩා



අල්කයිඩා නැත්තං අදවෙනකොට බටහිර නරි ‍උන් නොදියුනු කරපු රටවල් අල්ලේ නටවනවා. ඒ නිසාම අල්කයිඩා සංවිධානයට දේව අශීර්වාදය ලැබේවා කියලා පතනවා. ඒ වගේම පුලුවන්නම් ඔය දෙවියන් අල්කයිඩා සංවිධානයට කරන උපකාරයක් හැටියට අල්ලා පැත්තකට විසිකර ලෙනින් එතනට දැම්මානම් දෙවියන් බලාපොරොත්තුවෙන වැඩේ හරියට වෙනවා.

Saturday, September 5, 2009

කකුල් කඩා බොරැ කකුල් දීම


විනායග මුර්ති මුර්ලිදරන් නොහොත් කරැණා අම්මාන් ඊයේ උත්සවත් ශ්‍රියෙන් හමුදාවට බොරැ කකුල් ලබා දුන්නේය. මේවා දකිනකොට ඇගේ මාලු නටනවා. අපේ මහ එවුන් ගැන දෙමළ සිංහල ජනතාවට නොතේරෙන හැටි. මේ වගේ ජනතාවක් ඉන්න රටක ජීවත් වීම ගැන දුක්වෙනවා.