Tuesday, September 29, 2009

මෝඩයෙකුගේ පෙරවදන

කරුණාවෙන් සවන් දෙන්න:
කිසිම ආගමකට, සංස්ථාවකට, ආයතනයකට, ජන කොටසකට හෝ පුද්ගලයකුට පහරදීමට විශේෂ උවමනාවක් මේ බ්ලොග්කරුට නැත්තේය. එහෙත් ප්‍රෝඩාවට, වංචාවට, බොරුවට හා රැවටීමට පහර දීමේදී ඒවායේ කොටස් කරුවන්ද පහර කෑම ස්වභාවිකය. බ්ලොග්කරු කිසිම ආගමකට අයත් නැත. ඔහු තම දිවියේ මුල් දහසය වසර බෞද්ධයකු ලෙසද (බෞද්ධ පවුලක උපන් නිසා) ඉන් පසු වසර කිහිපයක් මාක්ස්වාදියකු ලෙසද ගෙවා ඇත. ගෞතම බුදුන් හා මාක්ස් ලොව පහළ වූ ඉහළම බුද්ධිමතුන් සේ සළකතත් අද ඔවුන්ගේ අනුගාමිකයන් කියාගන්නා උන් කරන බොරුව වටහා ගත් පසු බ්ලොග් කරු මේ සංස්ථා දෙකින්ම ඉවත් විය. වත්මන් දේශපාලකයන් අතුරින් ඔහු යම් පමණකට දෙදෙනෙකුට ගරු කරයි. එක්කෙනෙක් වී. ආනන්දසංගරීය. අනෙකා වික්‍රමබාහු කරුණාරත්නය. මොවුන්ද සියයට සියයක් නිවැරදි බව මින් නොකියැවේ. එහෙත් ඔවුහු යම් මට්ටමකට මෙරට පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිති. අනෙකුන් ඔක්කොම පොල් හොරුය. එක හොරකු ලංකාවේ වැඩවසම් අධිරාජයා වීමට උත්සාහ කරද්දී රනිල්, සෝමවංස, මේධානන්ද පමණක් නොව ප්‍රභාකරන්ද ඇතුළු හොර නඩය ඊට ඍජුව හෝ අනියමින් උදව් කරති. මේ වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ඔහුගේ කියැවීමය.

//අපි නොදන්න ඇටිකෙහෙල්
කිසිම ආගමකට, සංස්ථාවකට, ආයතනයකට, ජන කොටසකට මේ බ්ලොග්කරුට අයත් නැත්තේය. කොටින්ම කියනවානම් ජාතියක් ජන්මයක්ද මේ බ්ලොග්කරුට නැත්තේය.
එහෙත් ප්‍රෝඩාවට, වංචාවට, බොරුවට හා රැවටීමට පහර දීමේදී ඒවායේ කොටස් කරුවන්ද පහර කෑම ස්වභාවිකය. නමුත් මේ බ්ලොග්කරැට කවදාවත් එසේ වන්නේ නැත.
බ්ලොග්කරු කිසිම ආගමකට අයත් නැත. ඔහු තම දිවියේ මුල් දහසය වසර බෞද්ධයකු ලෙසද (වැරදීමකින් බෞද්ධ පවුලක උපන් නිසා) ඉන් පසු වසර කිහිපයක් මාක්ස්වාදියකු ලෙසද ගෙවා ඇත. ඉන්පසු ටික කලක් කුම්භාන්ඩයෙකුව සිටි මේ බොලොග්කරැ දැන් මළ පෙරේතයෙකු වී සිටී. තව නොබෝ කලකින් පිසාචයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටී.
ගෞතම බුදුන් හා මාක්ස් ලොව පහළ වූ ඉහළම බුද්ධිමතුන් සේ සළකතත් අද ඔවුන්ගේ අනුගාමිකයන් කියාගන්නා උන් කරන බොරුව වටහා ගත් පසු බ්ලොග් කරු මේ සංස්ථා දෙකින්ම ඉවත් විය.
ඒ දෙපල මේ වනතෙක් මෙලොව සිටියා නම් මමද ඔවුන්ගේ සරන යමි. දැන් ඒ ගැන කියා වැඩක් නැත.
වත්මන් දේශපාලකයන් අතුරින් ඔහු යම් පමණකට දෙදෙනෙකුට ගරු කරයි. එක්කෙනෙක් වී. ආනන්දසංගරීය. අනෙකා වික්‍රමබාහු කරුණාරත්නය. එහෙත් ගෞතම බුදුන් හා මාක්ස් ටත් වඩා ගරැ කරන දෙදෙනෙකු සිටී ඒ කුමාර් රෑපසිංහ සහ ඩිලාන් පෙරේරාය. ඒ වාගේ හදගම මාගේ පියායි. මා හදගමගේ ලා බාල පැටියෙකි.
මොවුන්ද සියයට සියයක් නිවැරදි බව මින් නොකියැවේ. එහෙත් ඔවුහු යම් මට්ටමකට මෙරට පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිති. මාත් කවදා මොවුන්ගේ අඩිපාරේ යාමට අතිමහත් කැමැත්තක් ඇත. අනෙකුන් ඔක්කොම පොල් හොරුය. එක හොරකු ලංකාවේ වැඩවසම් අධිරාජයා වීමට උත්සාහ කරද්දී රනිල්, සෝමවංස, මේධානන්ද පමණක් නොව ප්‍රභාකරන්ද ඇතුළු හොර නඩය ඊට ඍජුව හෝ අනියමින් උදව් කරති. මේ වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ඔහුගේ කියැවීමය. මහ රජානන් අනේ හරී හොදය මේ රජා චුතවී ගියපසු තව රජෙක් පැමිනි කල එතුමා මට මීට වැඩිය හොදය. එතකොට රජතුමා නිකම්ම නිකන් රාජපස්සය. //

3 comments:

  1. ඒ පෙරවදන ගැන ඔබ දී තිබෙන අර්ථකථනය නම් මරේ මරු...!!! බොහොම ස්තුති යි.

    ReplyDelete
  2. ළදරැවෙකුටනම් අනේ පුතේ ඕක වැරදී මේ විදිහට කරපන් කියා කියන්න පුලූවන් ඒත් මේ ගොන් නාම්බාට වෙන මොනවා කියන්නද.

    ReplyDelete
  3. ඇයි ඔච්ච‍ර ඔරොප්පු!
    සයිබර් ස‍රදියෙල්, මිගාර, Taboo තුන් දෙනම එක වගේ තමයි එක් පැත්තකින් බැලුවම මට නම් පේන්නෙ. ඒත් ලෝකල් රොබින්හුඩ් හොරදෙටු වැද්ද ගෙ ආතල් ගොං පාට් වැඩි නිසා ෆන් එකේ කියවගෙන යතහැකි!

    ReplyDelete