Friday, January 29, 2010

ගරු ජනාධිපති තුමණි.


ඔබතුමා දේශපාලන වේදීකාවේදී කීවා නේද මම හරි සංවේදී. රටට ගැන හිතනවා කියලා. අපිට පොඩි කාලෙදි කියලා දීලා තියෙනවා විරුද්ධ මත ඉවසන්නත් ජයග්‍රහණවලදී නිහතමානී වෙන්නත් කියලා. ඒ විතරක් නොවේ බල්ලෝ හපා කෑවට අපි බල්ලගේ හපා කන්නෙත් නෑ කියලා.
ඔබ අපට පරමාදර්ශී විය යුතුයි නේද. එතකොට අපේ දරුවන්ට කියන්න පුළුවන් නේද මහින්ද රාජපක්ෂ කෙනෙක් වෙන්න කියලා.
ඇයි ඇයි ඇයි මේ විරුද්ධ මතධාරින් තලා පෙලා ලන්නේ.
ඔබ කීවා නේද ආඩම්බරකාර පියා කියලා.
තව ටික කලකින් ජනතාව කීවොත් කෙලපියා කියලා.
ඒක අපේ රාජාවලියට නරකයි නේද.

එල්ලෙන සියල්ල රඹුටන් නොවේ.

මේ මැතිවරණය දුසිතද නැද්ද කියලා හරියටම කියන්න බැ නමුත් බැලු බැල්මට දූසිතයි වගේ පේනවා. ඒ උනාට පේන හැමදේම ඇත්තම නොවේනේ. අනික මම කියුවොත් ලංකාවේ ඉදන් හදට හැතැපුම් මෙච්චරයි කියලා පිලිගන්නේ මොකාද. ඒ නිසා අපේ මැතිවරණ කොමසාරිස් තුමා වගේ මාත් හරියට අසරන වෙලා. මොකද පහුගිය දවස්ටිකේ ලිව්වේ ජනරාල් දිනයි වගේ හිතලා. ජනරාල් දිනුව කියලා මට ඇති වැඩක් නෑ මහින්ද දිනුවත් වැඩක් නෑ. ජනරාල් වෙනුවෙන් ටිකක් මුට්ටි ඇල්ලුවේ විධායකය අහෝසි කරනවා කියපු නිසා. ඇත්තම කියනවා නම් දැන් සරදියෙල් බයවෙලා ඉන්නේ. මොකද බොලොග් එකක් ඇතුලේ කෙරුමා වෙන්න හැදුවට. පොලීසියෙන් ගහනකොට රිදෙනවනේ. කාටද පුලුවන් ගුටිකන්න. අපි යකඩද.

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙල රන් දෙරනේ
යලි උපදින්නට
අනන්තර්ය පාපකර්මයක් කරලා තියෙන්න ඕන කියලා හිතෙනවා.