Friday, October 30, 2009

අම්මා අප්පාගේ බූදලය නොහොත් අවම බලය


ලංකාවේ පොලීසියට අම්මා අප්පාගේන් උරැම උන අවම බලය නමින් මගුලක් ඇත. පොඩි කාලේ අපි ඔට්ටු සෙල්ලං කරනකොට උනත් දන්නවා අත්දෙක උස්සපුවාම අල්ලන්නෑ කියලා. කොච්චියට ගල් ගහපු එකා ගැහුවනම් වැරදි තමා. නමුත් වැරදි කාරයන්ට දඩුවම් දෙන්න උසාවිය කියලා එකක් නමට හරි අටවලා තියෙනවානේ. මේකේ ඉන්න හැම එකාටම වැරදිකාරයන්ට දඩුවම් දීමේ අයිතිය දීලා තියෙන්නේ කවුද දන්නෑ. පොලිස් කාරයෝ මෙහෙම කරන්නේ හිතා මතාමයි. මොකද උසස් වීමක් ගන්න නම් මොකක් හරි අසමජ්ජාති වැඩක් කරන්නම ඕන. එහෙම කලොත් ඒක්කෝ උසස් වීමක් නැත්නම් ජන්දේ ඉල්ලන්න හරි පුලුවන්. ඒක ඉතින් බඩේ බත්ටික වගේ සුවර්.

No comments:

Post a Comment