Thursday, September 24, 2009

දකුනේ ජන්දේ



ඉස්සර සම සමාජ කාරයෝ හොදට හිටපු කාලේ

සමසමාජ පක්ෂයේ සාමාජීකයෝ ගම් වලට ගිහින් මිනිසුන්ට කීවලු ආදරනීය ජනතාවනි අපි මේ වතාවේ මැම්බර් ජන්දෙට ඉදිරිපත් වෙනවා ඔබ තමුන්නාසේලා අපිට ඔබතමුන්නාසේලාගේ වටිනා ජන්දය අපට දෙන්න ඕන කියලා.


ඩී.ඇස්. සේනානායක වේදිකාවේ ගරැසරැව ‍පුටුවක ඉදගෙන ඉන්නකොට ඩී.ඇස්ගේ බත් බැලයෙක් කියනවලු තොපි දන්නවද මේ සැරේ මේ වේදිකාවේ ඉන්න උත්තමයා මැම්බර් වෙනවා තොපිට තියෙන්නේ උදෙන්ම ජන්ද පොලට ගිහින් මේ උත්තමයට උඹලගේ ජන්දේ දාපියව් කියලා.


ඉන්පසු ජනතාව කියනවලු දැක්කද ඩී.ඇස්. උන්නැහේ කථා කල ගාම්භීරකම. අපි ජන්දෙ දෙන්න ඕන උන්නාසෙටම තමයි. අරැන් අපිට ඔබතුමාලා කියනවා ලැජ්ජා නැති උන් ඔවුන්ට ජන්දෙ දුන්නොත් හොදට හිටියි කියලා.


ඒ විතරක් නොවේ ජන්ද කටයුතුවලට එන ඩී.ඇස්ට ගමේ ඉන්න හැඩ වැඩ ඇති ගැටිසියකුත් දෙනවලු ඒ දින ටිකේ රෑ වැඩ කටයුතු සදහා ඉන්පසු ඒ ගෑනි බැදගන්න පිරිමිත් ඕන තරම් ඉන්නවා විතරක් නොවේ ඒ ගැන කඩපිල්වල කියවනවලු මයේ ගෑනි තමා ඩී.ඇස් උත්තමයාගේ වැඩ පල කරලා දුන්නේ කියලා.


ඔන්න ඔවැනි ජාතියක් තමා අපේ රටේ වසන්නේ.

3 comments:

  1. මෙවැනිම කථාවක් අනුරාධපුරයේ ඇත. ඒ මහින්දසෝම නැමති හිටපු ඇමතිවරයාගෙන් ගුටිකන ලද ග්‍රාමසේවක තැනක් සම්බන්දයෙන් මාගේ මිතුරෙකු පවසා සිටියෙය්.

    එය මෙසේය.

    දිනක් ග්‍රාමසේවක තැනකට මහින්දසෝම මන්ත්‍රී වරයා විසින් මහපාර මැද කමිසය ඉරෙන තුරැ ලේ හැලෙනතුරැ බිම දමාගෙන පහරදී ඇත.පහරදීමෙන් පසු ඔහුගේ ‍පැජරෝ රථයේ නැගී යන්න ගියේය
    තුවාල ලැබූ හා ගුටිකෑ ග්‍රාමසේවක තැන කියා සිටියේ මෙලෙසය.
    සර්ට තරහා හිහින් එකයි. ටික දවසක් යනකොට ඕක අමතවෙයි කියාය.

    ReplyDelete
  2. අනේ අපේ රට මෙච්චර චාටර් ද ?!?!?

    ReplyDelete