Wednesday, January 6, 2010

කඩේ යන බලු මැක්කෝ


බල්ලාට කුෂ්ඨ රෝගයක් හැදුන දවසක මැක්කන් බල්ලාට සම්පතකි. කිනිතුල්ලෝ වදයකි. කිනිතුල්ලෝ බල්ලාට කුෂ්ඨය තදවෙන්න කලින් ඇගෙන් බසිති. මැක්කෝ අනාගතයේ කිනිතුල්ලෙක් වෙන්න බලාපොරොත්තුවෙන් බල්ලාට උපරිම සැප දෙයි. සමහර වපර අධ්‍යෂක මැක්කෝ බල්ලාගේ කුෂ්ඨය හොදවෙන්න කියා බල්ලාට කඩේ යයි. ඒ විතරක් නොවෙයි අපි කඩේ යනවෝ කියා බෙරිහන් දෙයි. මේ කඩේ යන සමහර මැක්කන්ට තවත් සතුන් (අලිපැටවු) විකීනීමටද හැකිය. දරුවන් ගැන දෙමාපියන්ට වැදි බණ කිවීමටද (තමන්ගේ දරුවන්ට මව අහිමිකර) හැකිය. පුංචි පුංචි මැක්කෝ සහ මැක්කියෝ අනේ අපේ මේ බලු රජා මාර අවුලක වැටිලා ඉන්නේ බලෙන් කුෂ්ඨයක් හදාගෙන ඒක නිසා මේ බලු රජාගේ ඇගේ එල්ලෙන්න වරෙව් කියලා කියති.
අනේ මේ අහිංසක මැක්කෝ සහ මැක්කියෝ දන්නෑ නොවැ මේ කුෂ්ඨය හොද වුන ගමන් මැක්කෝ හලල දානවා කියලා.

No comments:

Post a Comment