Thursday, July 16, 2009

පරිගණක කම්කරුවෝ

අපි අද ඉන්නේ නව තාක්ෂනික යුගයක. දැං බලන්න තොරතුරැ තාක්ෂණය නිසා අපිට ලැබිල තියෙන දේවල් කොච්චරද ඉස්සරනම් ඉස්කෝලේ පේල් වෙච්ච කොල්ලෝ කෙල්ලෝ ගියේ තමන්‍ගේ කුඹුරට හේනට මඩ නාගෙන අවුවේ කරවෙවී මොන කරමයක්ද.

දැං ඒ වගේද කෙල්ලෝ යනවා පොඩි පොඩි මුදලාලිලාගේ කොම්පියුටර් කඩවලට ගිහින් කීයක් හරි හොයාගන්න ගමන් මුදලාලිගේ හොර අඹුවත් වෙන්න පුළුවන් කොයිතරම් අභිමානයක්ද ගොයන් හදන්නයි වත්තෙ වැඩ වගේ කසඩ වැඩ නෑ සැපට ඉදල සැප අරගෙන එන්න පුලුවන්

විභාගේ පේල් වෙච්ච කොල්ලන්ට පුලුවන් ටයි පොල්ලකුත් කරේ බැදගෙන තොරම්බල් කාරයෙක් වෙලා මහලොකු වැඩක් වගේ අහින්සක මිනිහෙකුගේ ගෙදරට ගිහින් ඉංග්‍රීසි වගේ සිංගිලිස් වලින් කථාකරලා චීන පාපිස්සක් දත් බුරැසු සබන් පෙට්ටි තව එක එක වර්ගයේ පොඩි පොඩි බඩු විකුනන්න රැපියල් 2000ක් දෙනවා කොමිසුත් ලැබෙනවා ඇල්පා එකෙන් ගත්ත පරන කොම්පියුටරය ලග වාඩිවෙලා ටයි එක දාගත්තාම කොල්ලා කොයිතරම් හැඩද කුඹුර කරාට වැඩිය කොතරම් අභිමානයක්ද

No comments:

Post a Comment