Thursday, October 22, 2009

කවුද වැඩියෙන් කලේ


මේ වන විට සරත්ලා මහත් කථා බහට ලක්ව ඇති යුගයකි. ඒ සරත්ලා හොදම නිසාවත් සරත්ලා නැතුවම බැරි නිසාවත් නොව රාජපක්ෂලාගේ කෙරැවාවන් මෙල්ල කිරීමට දැනට සරත්ලා හොද නිසාවෙනි. සරත්ලාත් රාජපක්ෂලාත් අඩුවැඩි වසයෙන් රටට හොද නරක දෙකම කර ඇත.
කෙසේ නමුදු සරත්ලා හෝ වික්‍රමසිංහලා, වංශලා හෝ මේදානන්දලා යන කවුරැ අතට විධායකය ආවත් අවසානයට රාජපක්ෂලා ජේ.ආර්. වු සේම සරත්ලා හෝ වික්‍රමසිංහලා, වංශලා හෝ මේදානන්දලාත් ජේ.ආර්. වනවා නොවනු මානයි.
ඒ විධායකයේ බල පරාක්‍රමය මිස රාජපක්ෂලාගේ සරත්ලාගේ හෝ වික්‍රමසිංහලාගේ, වංශලා හෝ මේදානන්දලාගේ වරද නොවන බැවිනි.
අපේ රටේ විධායකය නැමති දෙපැත්ත කැපෙන පිහියක් ඇත. එය මතු බුදුවීමට පෙරැම් පුරන අයකු අතට පත් වුවත් එයින් දර එලවලු සේම මස්ද කපන්නේය ඒ පලමු වන අවුරැදු හය තුලදීය. ඊලග අවුරැදු හයේ බෝධිසත්වයෝ අංගුලිමාල වන නියතයි ඒ බෝධිසත්වයකු එක්වරකට වඩා බුදු නොවන බැවිනි.

2 comments:

  1. විධායකය නම් අදෘශ්‍යමාන බලයේ ක්‍රියාකාරිත්වය ගැන ඔබේ අදහස මමද එකග වෙමි

    ReplyDelete
  2. ගෝරා... අදෘශ්‍යමාන බලය
    අදෘශ්‍යමාන බලවේගයන් කියා දෙයක් මිහිපිට නැත. සෑම බලයක්ම ද්‍රශ්‍යමානයි. එක් එක් පුද්ගලයන් හට ද්‍රශ්‍යමාන වන සීමාවන් ඇත. එය ඔවුන්ගේ දැනුමේ පරිමානය මතයි.

    විධායකයේ අදෘශ්‍යමාන සීමාවන් ලංකිකයන් හැටියට අප කවුරැත් ඕනෑවටත් වඩා විනිවිද දැක ඇත.
    ප්‍රජාතන්ත්‍රවාදයේ නිම්වලලු පුලුල් කිරීමටනම් විධායකය අතුගා දැමිය යුතුමය.
    ඒ සදහා සකල ලාංකියකයන්ට දැඩි අයිතියක් ඇත.

    විධායකය නැමති මල්ල ඔබා බලන්නට අවශ්‍යතාවයක් නැත.
    අප කවුරැත් එය හොදින් විවරකර බලා ඇත.

    ReplyDelete