Sunday, January 3, 2010

කුසීතයා අනුන්ගේ ලාභ ගැන ලෝභයෙන්

වෙනත් කෙනෙකුට ලැබෙන ලාභ ගැන ලෝභ ඇති කරගන්නා පුද්ගලයා තමන්ගේ ලාභ නැති කරගනී.
කම්මැලි කමට කුසීත කමට වැඩක් පොලක් කරගෙන කෑමට නුහුරැ පුද්ගලයින්ට අත්වන ඉරනම වන්නේ එක්කෝ නිදන් හෑරීම නැතිනම් සිට්ටු දැමීම. රක්ෂණ ගැන විස්වාසය තබා කටයුතු කිරීම එසේත් නැතිනම් දේශපාලන කාරයන්ගේ පස්ස සේදීමට යෑම. මේ දේවල් කිරීමෙන් කුසීත පුද්ගලයා නිතරම අධික ලාභ බලාපොරොත්තු වෙයි. එහෙත් ඔහුට ලැබෙන්නේ තව තවත් පසුතැවිල්ල පමනි. මෙයින් නොනැවතෙන කුසීතයා තම බිරිද රට රැකියාවකට යවයි. මෙහි ඇති හොදම දෙයනම් තම බිරිදට උපත් පාලන එන්නත් විද විදේශ ගත කිරීමයි. මෙයින් නොනැවතී මත් පැන් දුරාචාරවලටද තම කාලය නාස්ති කරයි. අවසානයේ අසල් වැසියාට වද දෙන පැටවු තොගයක් බිහිකර ලෝකයෙන් සමුගනී.

No comments:

Post a Comment