Monday, August 9, 2010

අම්මා කීවා

ඊයේ මගේ අම්මා මට කෙටියෙන් ලොකූ දෙයක් කීවා "ලොකු පුතේ දැන් කාලේ මිනිස්සු හරි දරුනුයි. එහෙම වෙලා තියෙන්නේ පොඩි දෙයක් උනත් ඉවසන්න තරම් මොලයක් නැති නිසා" කියලා.
ඒ වගේම ඉස්කෝලේ රැස්වීමකදී විදුහල්පති තුමා කීවා කනත්ත ලගින් යනකොට මෙහෙම හිතන්න කීවා. "අනේ මම කවදා මෙතෙන්ට එයිද කියලා නිතර හිතන්න කීවා එතකොට හිතේ තියෙන බර කොච්චර අඩුවෙනවද කියලා.
මේ කාරනා දෙකම එහාට මෙහාට දාල හොදින් විශ්ලේෂණය කරලා බලපුවා තමයි මට දැනුනේ. මේ වගේ උතුම් මිනිසුන් වයසට ගියේ නිකම්ම නොවෙයි කියලා. ජීවිතේ සරල කරගන්න මම පුදුම උත්සයක් ගන්නවා. සමාජයේ මිනිසුන්ට සිදුවන බරපතල අසාධාරනකම් දැක්ම මගේ සරලකම ගිලිහිලා යනවා. ඒකට විසදුමක් හැටියට කෙල්ලක් යාළු කරගන්නවා. කෙල්ල මාර ට්‍රයි එකක් දෙනවා මාව බැදගන්න බැරි උනාම මට පුළුවන් තරම් වෛර කරනවා. වචන වලින් කොහොම ලෝකයට වැඩකරන්න පුළුවන් උනත් ක්‍රියාවෙන් කරන එක මහා ලොකු කාරනයක් කියලා හොදින්ම දැනෙනවා.
කාල් මාක්ස් හා බුදුන් වහන්සේ කියලා තියෙන දේවල් විශම මිනිසුන් සමග කෙසේ සැබෑ කරන්නද කියලා හිසේ මහ තඩි කලු ගලක් තිබ්බ තරම් අමාරුවක් දැනෙවා. කොහොම උනත් දැන් දැන් මිනිසුන්ගේ මොලයත් සමග ගුනය වැඩෙන්නැති බව හොදටම පැහැදිලියි.
අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..

No comments:

Post a Comment