මොනවා වුනත් මම මගේ කුමාරි අම්මට දොස් කියන්නෑ. මගේ කුමාරි අම්මට සලකන්නේ.. ආදරය සෙනෙහස දක්වන්නේ එයාගේ කමල්. ඒක නිසාම එයාට කමල් ගැන පව් කියලා හිතෙනවා ඇති. මගේ කුමාරි අම්මට වඩා මට කමල් ගැන පව් කියලා හිතෙනවා. මගේ කුමාරි අම්මට එහෙම දැනෙන එක මහලොකු අරැමයක් නොවේ. මගේ කුමාරි අම්මට කමල් වෙනුවෙන් හදවත ඇතුලේ තියෙන අනුකම්පාවට තාවකාලිකව හරි ඉඩදෙන්න හිතෙනවා ඇති. ඒක සදාකාලික උනත් මට කමක් නෑ මම මගේ කුමාරි අම්මට ආදරේනෙ කරේ. මට කවදාවත් මගේ කුමාරි අම්මට වෛර කරන්න බෑ. කරන්නෙත් නෑ. මේ වෙලාවේ මගේ කුමාරි අම්මට කරන්න තිබ්බ හොදම දේ තමයි කරේ කියලා මම දන්නවා.
ගෑනියෙක් හොද අම්මා කෙනෙක් වෙනවා නම්, හොද බිරිදක් වෙනව නම් මට සතුටු වෙන්න පුළුවන්.
පිරිමියෙක් හැටියට මගේ හිතේ ඇති දුක ඔහේ සදාකාලිකව තිබුනාවේ. ඒ මගේ උරුමය.
මගේ කුමාරි අම්ම මොහොමඩ් අයිය එයාගේ දරුවගේ අප්පච්චිට වඩා ලොකු කරගත්ත එක ගැන පුදුම දුකක් තියෙන්නෙ. ඒ වගේම හිතේ සියුම් වෛරයක් තියෙනවා.
...පත්තර කෑල්ලකින් උපුටා ගන්නා ලදී...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment