Saturday, July 11, 2009

වස්ගමුව ජාතික වන උද්‍යානයට

මම මීට බොහෝ කලකට පෙර මගේ මිතුරන් පිරිසක් සමග වස්ගමුව ජාතික වන උද්‍යානයට අංගම්මැඩිල්ලෙන් ඇතුලු වී නකල්ස් කදු වලින් එලියට ආ වෙමු. එහිදී ලද අත් දැකීම් මම ඔබට විස්තර කරන්නේ ලබා ගන්නා සැපට වැඩිය සොබා දහමින් ලැබෙන සැප කොයිතරම්දැයි දැනවීම පිරිසය.

පොලොන්නරැව වැව් බැම්ම දිගේ කෙලවරට ගොස් කලහගලට ගොස් අංගම්මැඩිල්ලෙන් පරාක්‍රම සමුද්‍රයට ජලය හරවන තැනින් වනයට ඇතුල් වුනෙමු. අංගම්මැඩිල්ල අඹ ගස ලග වනයේ වෙසෙන අයුරැ කතිකා කර සහල් ලුනු තුන පහ ඇතුලු අඩුම කුඩුමද පොහොර මලු වල බහා ඕන අපි කැලේට රින්ගුවා.
හිතනවා ඇති අවට මහා සුන්දර පරිසරයක් ඇති කියලා තැනින් තැන ගූ ගල් හා පෑන් ටී එහෙමත් බොහොමට තියනවා යාර 500ක් පමන ඇතුලට යනකම් දැනෙන ගූ සුවද ගැන කියලා වැඩක් නෑ.
අඹන් ගගේ වැලි තලාව දැනෙන මිහිරත් කුබුක් ගස් හා තිබිරි ගස්යට ‍දැනෙන සුවයත් ගැන හිතන කොට කොහොඹ ගස් යට වැඩි තලාවේ දපනේ දාගෙන බුදියන වල් බල්ලෝ අපිට වඩා මොනතරම් ආතල් එකක් ගන්නවාද කියල ඉරිසියත් හිතුනා.
අනේ අපිට වඩා බල්ලෝ කොයි තරම් ස්වාධීනද නිහතමානීද ප්‍රජාතාන්ත්‍රිකද කියල හිතෙනවා එතකොට තමයි මට හිතුනේ අනේ මටත් බල්ලෙක් වෙන්න ඇත්නම් කියලා.
ඉතින් ඔහොම ටික දුරක් යනකොට ඉඩෝර කාලය නිසා ගගේ වතරත් හිදිලා පොඩි පොඩි දියපාරවල් ගලනවා තැන් තැන්වල තියෙන වතුර වලවල් දකින කොට අපේ එවුන්ගේ දැගලිල්ල ගැන කියන්න දෙයක් නෑනේ
ඕන මගුලක් කියලා දවල් 12 විතර වෙනකොට ඉස්සෝ අල්ලන්න හිතුව. තව එකක් කියන්න අමතක උනා අපි එනකොට වැලි තලාවේ බුදියගෙන හිටපු නරි අපි දැකලා නිකන් කෝචොක් එකට වගේ බලලා කැලේට රින්ගනවා. මට ඔය නරි දැක්කාමයි බල්ලෝ ගැන ලියන්න හිතුනේ
ඉස්සෝයි මාලු පැටවු ටිකකුයි අල්ලගෙන පුච්චගෙනම කාල ඉන්නකොට
මට හිතුනා බල්ලෙකුට වඩා නරියෙක් වෙන එක හොදයි කියල
කඩේට කට්ටමස් කෙනෙක් ආවා
මොනදේ කරන්න ගියත් හෙනහුරෙක් ඉන්නවනේ.
විස්තර නම් ලියන්න තිනවා විකපීඩිය එක තරම් කවුරැ හරි බොඩි බකප් එකක් දුන්නොත් ලියන්නම්.

4 comments:

  1. සිංහල blog කියවනයට ඇතුල් කරන්න
    http://blogs.sinhalabloggers.com/add-blog/

    ReplyDelete
  2. 11. බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට සුදුසු දැයි තීරණය කිරීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කලමණාකරුවන්ට අයිතියක් ඇත.

    එබැවින් අප දැනටමත් අසීමිත වූ නීති සම්භාරයකට යටත් වී සිටින අප මේ ලියන දේවත් සැහැල්ලු මනසකින් ලිවීමට නොහැකිනම් කිසි ඵල ප්‍රයෝජනයක් නැත.

    බලන්නෝ කෙසේ හෝ බලති.
    නොබලන්නෝ බලන්නේම නැත.

    මම හොදින් දන්නවා ඔබ මගේ අඩවිය පිලිබද හදපිරි අවංක බවකින්
    සිංහල blog කියවනයට ඇතුල් කරන්න
    යනුවෙන් පැවසූ බව
    එයට මාගේ අවංක ආදර ස්තූතිය.

    ReplyDelete
  3. බලන්නන්ට හොයා ගන්න මේක blog කියවනයට ඉල්ලුම් කරන්න සුදුසුද තීරණය කරන එක එයාලගෙ වැඩක්නෙ

    ReplyDelete
  4. මා දන්නා චීන කවියක් ඇත. එය මා භාවිතයට නොගන්නේ නම් මා එය කියවු ඵලය කුමක්ද

    යන්න මිනිසුන් අතරට
    ඔවුන් හා වාසයට
    ඔවුන්ගෙන් ඉගෙන ගන්න
    ඔවුන්ට කියා දෙන්න.

    මම ඔබගේ ඉල්ලීම ඉටුකලා.

    ReplyDelete