
Saturday, September 5, 2009
කකුල් කඩා බොරැ කකුල් දීම

Tuesday, August 18, 2009
මාඕ සේතුං 1930

ගරැ මාඕ සේතුං මේ කියලා තියෙනදේ මගේ භාෂාවෙන් නොකියුවොත් මා කරන්නේ මට ලොකු වරදක්..
- උපන් දා සිට හැම එකාම දන්නවා ලෝකේ සිද්දවෙන්නේ මොකක්ද අපේ රටේ සිද්දවෙන්නේ මොකක්ද කියලා .
- ඒකට හේතුව ලෝකය හා අපේ රට පලනය කරන මහ එකාලා කියලත් හොදින් දන්නවා.
හැබැයි.......
කොහේ හෝ මලදානයක් උනොත් ඒකට ලගින්ම අල්ලගන්න පුළුවන් එකා අල්ගෙන (පොලිස් කාරයෙක්, දොස්තරයෙක්, ඩයිවර් කෙනෙක් හෝ වෙනයම් මොකෙක් හෝ) හොදට නෙලනවා. පත්තර ලියන උනුත් අන්තර්ජාලයේ ලාබෙට ලියන උනුත් ඇදල දානවා හරියට ලග හිටියා වගේ. ඒ විතරක් නොවෙයි. කරන්න ඕනදේත් කියනවා.
මාර ලේසිනේ. ( නිසි දඩුවම් දෙනු. වහා මාරැ කරනු. තහනම් කරනු.)
හැබැයි...
මා ඉහත සරලව කී කාරනා දෙක එකට එකක් ගලප්පන්න හරිම බයයි. බය නැති උනත් ගැලැප්පුවොත් ඒකෙන් කාට හරි වාසියක් වෙන නිසා කුහකයි.
ඔන්න ඕකයි ඇත්ත මල්ලී
මේක මාඕ සේතුං කීවේ 1930දී
බුදු හාමුදුරැවෝ කියලා අවුරැදු 2500කට වැඩී..
කීවේ චතුරාර්ය සත්‍යය ධර්මයෙනි.
චතුරාර්ය සත්‍යය මා විග්රහ කිරීම චතුරාර්ය සත්‍යයට හොද නැත.
Monday, August 17, 2009
අනෝමා ආවා
නමුත් පරන තිබුන ගුප්ත බව තාමත් තියෙනවා.
ගෑනු කවුරැ උනත් ගුප්තයි. ඒත් අනෝමාගේ ගුප්ත බව පේනවා ඒක තමා ගෑනියෙකුට නරකම දේ. කොහොම උනත් ගෑනියෙක් ආරක්ෂ්‍යා කරන්න. පිරිමියෙකුට ලොකු උවමනාවක් තියෙන්න ඕන. ඒ උවමනාවට සරිලන පවුර්ෂවයක් තියෙන්නත් ඕන. ගෑනු පිස්සු කෙලින එක ජීව විද්යාත්මකයි. ඒක තේරැම් අරගෙන කටයුතු කරන එක පිරිමින්ගේ වගකීමක් කියලා හිතනවා.
Saturday, August 15, 2009
පරාක්‍රම සමුද්‍රය බාගෙට හිදිලා
අනර්කලීට දෙනවා
බොලොග් අඩවි.
එහෙන් පොලීසිය මිනීමරනවා, වැස්ස නෑ, අන්ඩුව ඩෙගා නටනවා, සල්ලි නැ චෙක් රිටන්, තව මුනුත් එනවා අප්රබ්බ්රන්ස කියවන්න. තදවෙන්නැද්ද මල්ලි.
පොලීසියට ගහලලු නේද 13
Thursday, July 30, 2009
පමාවට කාරනා
Friday, July 17, 2009
සිකියුරිටි (ආරක්ෂකයා)
එකනේ සමහර වෙබ් වහන්නේ.
Thursday, July 16, 2009
පන තියෙන කාටූන්
පරිගණක කම්කරුවෝ
දැං ඒ වගේද කෙල්ලෝ යනවා පොඩි පොඩි මුදලාලිලාගේ කොම්පියුටර් කඩවලට ගිහින් කීයක් හරි හොයාගන්න ගමන් මුදලාලිගේ හොර අඹුවත් වෙන්න පුළුවන් කොයිතරම් අභිමානයක්ද ගොයන් හදන්නයි වත්තෙ වැඩ වගේ කසඩ වැඩ නෑ සැපට ඉදල සැප අරගෙන එන්න පුලුවන්
විභාගේ පේල් වෙච්ච කොල්ලන්ට පුලුවන් ටයි පොල්ලකුත් කරේ බැදගෙන තොරම්බල් කාරයෙක් වෙලා මහලොකු වැඩක් වගේ අහින්සක මිනිහෙකුගේ ගෙදරට ගිහින් ඉංග්‍රීසි වගේ සිංගිලිස් වලින් කථාකරලා චීන පාපිස්සක් දත් බුරැසු සබන් පෙට්ටි තව එක එක වර්ගයේ පොඩි පොඩි බඩු විකුනන්න රැපියල් 2000ක් දෙනවා කොමිසුත් ලැබෙනවා ඇල්පා එකෙන් ගත්ත පරන කොම්පියුටරය ලග වාඩිවෙලා ටයි එක දාගත්තාම කොල්ලා කොයිතරම් හැඩද කුඹුර කරාට වැඩිය කොතරම් අභිමානයක්ද
මරනයක අසිරිය
Wednesday, July 15, 2009
උදේට පිරිත්
අහෙගන ඉන්න හිතෙන බණක්. ඉදල හිටල හරි හොද හාමුදුරැනමකගේ බණක් අහපුවාම වරැවක් විතර මට තියෙන ඔල්මොරොන්දන් ගතිය අඩුවෙනවා. ඒක නිසාම බණ ටිකක් අහන්න කියලා හිතාගෙන ඇදේ හන්සි උනා. අම්මා ඇවිල්ල කියපි ඇයි අර පිරිත් ටික තිබ්බානම් මොකද කියලා. මම කිව්වා අම්මා පිරිත් මොකද බණ මොකද ඔක්කොම බුදුහාමුරැවන්ගේ දර්මයනේ ඒ පාර අම්මා කියනවා පිරිත් දාපුවාම ගෙදරට හොදයි කියලා.
මං ඒත් කල්පනා කරල බැලුවා මේ තේරෙන බණ වලට වැඩිය නොතේරන පිරිත් හොදවෙන්නේ කොහොමද කියලා. තාර බර ඇරල බලපුවාම සිද්දිය මොකක්ද දන්නවද ආර්ථිකය හොදවෙනවා කියන එක තමයි ඒකේ හරය.
කොයි අම්මත් කොයි මනුස්සයත් ඔහොම තමා කියලා මට වඩා කවුරැ කවුරැත් හොදට දන්නවනේ. ලාභ තියෙනවනම් ඕන දෙයක් වටිනවා. නැත්නම් ඉතිං සොරි තමා.
Monday, July 13, 2009
බැංකුවෙන් හසුනක්
මට දුක සැප අහල ලියුම් එවන මොකෙක් වත් ඉන්නවා කියලා ඇයි.
එකේ කියලා තිබුනේ උඹ උබේ ගිනුමේ ප්‍රමාණවත් මුදලක් නැති ව චෙක් නිකුත් කරනවා. අපිට මහ එකාලා කියලා තියෙනවා සල්ලි නැත් නම් චෙක් ගෙවන්න එපා කියලා. රිටන් කලොත් අපේ කිර්ති නාමයට හොද නෑ උඹට කරැනාවෙන් කියන්නේ ආයේ එහෙම සල්ලි නැතුව චේක් එහෙම දුන්නොත් කණ පැලෙන්න දෙකක් දීලා ගිණුමත් වහනවා කියලා.
මේක කියවපුවාම බන්දුලගේ අම්මා (සංශෝධනය කරා) මතක් උනා.
සිරස සිල් ගත්තා වගේ
මහරාජා කියනවලු
අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා
බුදුහාමුදුරැවනේ
සසර කලකිරෙනතුරැ ඔබ මගේ ඔබ මගේ
ඔයා ගැන ඇත්තටම දුකත් හිතෙවා. ඔයාගේ අකීකරැ කමට මම කැමති නැති බව දැන දැනත් කරන්නෙම ඒවා. ඒත් ඉතින් මටම තේරැම් ගන්න බැරි ඇයි මම මෙච්චර ඔයාට ආදරේ කරන්නේ කියලා. මම ඔයාට කරන්න ඕන හැමදේම කරලත් අත්හරින්න හිතෙන් නෑනේ. ඔයා හිතාගෙන ඉන්නේ මට ඔයා නැතුව බෑ කියලා. තරහට පස්සෙන් එනවද ලව් එකට පස්සෙන් එනවද කියලා මටම දැනෙන්නෑ. කොහොම උනත් ගෑනු පිරිමි සම්බන්දකම් කියන්නේ මහ පුදුම දෙයක්. මොනම මිනහෙකුටවත් හරියට විස්තර කරන්න බෑ.
කොහොම උනත් මම උඹට ආදරේද නැද්ද දන්නෑ නමුත් මට උඹව නැතුව බෑ.
කසුන් කල්හාර
ඊයේ ඉරිදනේ ජෝතිපාල මහත්තයගේ වැඩසටහනක් තිබුනා ITN එකේ එකට කසුන් කල්හාරත් ඇවිල්ලා හිටිය. මිනිහා දෙන දඩ ටෝක් වලට හිනාත් යනවා හරියට නිකම් සංගීතයේ පියා වගේ. අර අසරන මාලනී බුලත්සිංහල මහත්මියටත් අපහස කරනවා. එතුමියනම් වැඩේ වැඩේ විදියට කරා කියකියා හිටියේ නෑ. කල්හාර මහත්තයෝ කලාව බිහිවුනේ මිනිසා(හෝමෝ සේපියන්) බිහි වුනාට පස්සේ නරියන්ට හු කියන්නත් සිංහයන්ට ගොරවන්න පුලුවන් ඒත් කලාව නෑ.හැබැයි දැනුමක් නැතුවාම නොවේ. තියෙන ටික එහාට මෙහාට දාල පොරවෙන්න හදන්න එපා.
Sunday, July 12, 2009
මොලය පෝමැට් කරගැනීමට අවශ්‍යයි
මට එනතරමක් එන්නේ ගෝත ප්‍රශ්න මටත් ඉතින් මොකෙක් හරි ගොතයෙක් ගෝත වැඩක් කරපුවාම කරබාගෙන ඉන්න බෑනේ.අම්මා කියනවා යන්ත්රයක්වත් දාගනින් එතකොට උබේ ප්‍රශ්න අඩුවෙයි කියලා මම දන්නවනේ දෙවියන්ගේ හැටි, මට වඩා හොදට බුදුහාමුදුරැවෝ කියලා තියෙනවනේ දෙවියන්ට පුලුවන් මිනිස්සුන්ට ආශිර්වාද කරන්න, ඕන නම් මිනිසුන්ට පුලුවන් දෙවියන්නට පින් දෙන්න. ගහල තියෙන කනේ පාරේ හැටියට දෙයියෝ ගැන දුකත් හිතෙනවා.
ඉතින් මං හිතුව මොලේ පෝමැට් කරගෙන නිකන් සීතල මොලයක පයිල් දාගත්තානම් වැඩේ ඉවරනේ කියලා කවුරැ හරි වැඩ දන්න කොම්පියටර් කාරයෙක් ඉන්නවනම් දන්වන්න.
මහින්ද අයියගේ ජෝක් වැඩ
රජයේ කාර්යාලයකට හරි, ග්‍රාමසේවක හරි, සීඕ මහතා හරි, වැරදක් කරා හෝ නොකර අඩුම තරමින් අයිඩින්ටි කාර්ඩ් එක නැති වෙලා පොලිසියට ගියොත් හරි තිතතට මත් නොවී මොනවා කරන්නද.
ග්‍රාමසේවකගේ සිට විධායකය දක්වා හද්දා හොරැ
කප්පන් කාක්කෝ
ඉතින් මොන මතට තිතද
මතට තිත තිබ්බා කියලා කියලා මර්වින් සිල්වාගේ කලබ් ටික වහයිද
එවා ඉතින් සුම්මා තමා.
ජ.වි.පෙ යුද්ධය කියන ගල ඇගට පෙරලුවා ඇගට කඩාගෙන එනකොට සරම කනපිට ගහගෙන දිව්වා බේරෙන්න,
එක්කෝ හමුදාවත් ඉස්සරහට තල්ලුකරගෙන දුවන්න ඕන, නත්නම් ගලට යටවෙලා මැරෙන්න ඕන.
මැරෙනවට වඩා හොදනෙ දුවන එක. ''රටේ සහයෝගයත් තියනවනේ"
කියනව නම් කියන්න තියෙනවා රෙදි ගැවෙන්න. ජ.වි.පෙ ජාතික කොඩිය අරන් පෙලපාලි යන කොට ජාතික කොඩියට හිරිකිතෙන් බලපු උන් පස්සේ ජාතික කොඩියෙන් අමුඩ පවා ගැහුව්වා.
ලාබෙට ජාති ආලය ලැබුනනේ වැනුව වැනිල්ලක් තාම බස්වලයි ලොරිවලයි කොඩියේ බාගයක් ඉරිලා ඒත් වැනෙවා.
මොකද ඉතින් බාගෙට වනපුවනේ.
ඒකනේ කෙහේවත් හිටපු දුටුගැමුණු රජතුමයි පරාක්‍රමබාහු රජතුමයි මතක් උනා මෙච්චර දරදිය ඇදපු ජ.වි.පෙ අහලකවත්,
කොහොම උනත් මේ යුද්දේ වැඩේදී නිකන් ජපන් බෝනික්කෙක් වගේ එහාට මෙහාට ඇබරනේනැතුව හිටපු එකට මහින්ද අයියට මාගේ උත්තමාචාරය.
පුලුවන්නම් මහින්ද අයියේ
රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරපං මිනිසුන්ට ගෙවුරවයෙන් පාරේ බැහැල යන්න පුලුවන් රටක් හදපන් අන්න එදාට තමා උඹ කෙරැමා.
Saturday, July 11, 2009
චම්පට sms
කෙල්ලෝ කියන ජාතිය මහ පුදුම ජාතියක්
පැනල යනකොට පස්සෙන් එනවා
පස්සෙන් යනකොට පැනලා යනවා
හැබැයි උන් දන්නෑ එලවන්න ඕන වෙනකොට වැඩිපුර පස්සෙන් යනබව.
බොලොග් කරැවෝ අති පන්ඩිතයෝය
එහෙත් නැති නම් තනියෙන් රජ වෙන්න දගලති.
අපේ අතින් ගිලිහුනු අවි අහුලාගේ
වැරදි ඇතොත් අපටම බැන
නිදහස් ලොවක් තනන්නට
පරම ඇත්ත හමුවේ
දුරින් හිද
වචනයෙන් පමනක්
නොව
ලේ උනත් හලන්නට එකතු වන ඔබ පමනක් ලියන්න.
අපේ කාලේ තරැනyha
අපේ කාලේ තරැනyha
++++++++++++++++++++++++++++++++
කොමාව දාන්න හොද තැන ඔබම දන්න
රැස් විහිදෙන සමනලියනගෙනුත්
සිරසෙන් හෙනවැදී දගලන ඔබටත්
පෙයාර් ඇන් ලවුලි වලින් සුසුදු සමක් නොලැබුනු ඔබටත්
හරීම සිනිදුවට
බෙහෙත් අපි ලග
හැබැයි නොමිලේ නොව පැයක් රැපියල් 50යි.
වස්ගමුව ජාතික වන උද්‍යානයට
මම මීට බොහෝ කලකට පෙර මගේ මිතුරන් පිරිසක් සමග වස්ගමුව ජාතික වන උද්‍යානයට අංගම්මැඩිල්ලෙන් ඇතුලු වී නකල්ස් කදු වලින් එලියට ආ වෙමු. එහිදී ලද අත් දැකීම් මම ඔබට විස්තර කරන්නේ ලබා ගන්නා සැපට වැඩිය සොබා දහමින් ලැබෙන සැප කොයිතරම්දැයි දැනවීම පිරිසය.



